රනිල්ට නම් දෙන්න එපා, හිතාමතාම සියල්ල කඩාකප්පල් කළා රතන හිමි
පාර්ලිමේන්තුව තුළ සංහිඳියාව ඇති කිරීමේ සහ නව ආණ්‌ඩුව තුළින් ජනතා අභිලාෂයන් දිනා දීමේ සියලු අවස්‌ථා එක්‌සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික...
https://www.sathhanda.com/2015/07/blog-post_65.html
එම අවස්‌ථා හිතමතා මඟහරිමින් ඔහු රට අරාජික කළ බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් මෙම වරදම කළ බවත් පැවැසූ උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා රනිල් වික්‍රමසිංහ මහතා රට අර්බුදයකට රැගෙන ගිය බවත් කීහ.
පාර්ලිමේන්තුව තුළ සංහිඳියාව හා ඒකමතිකභාවය නැති කිරීම තුළින් රටට දිනා ගැනීමට තිබූ ජයග්‍රහණ බොහෝමයක් මඟහැරුණු බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියා සිටියහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලනය පිළිබඳ යම් තරමකින් හෝ පූර්වාදර්ශයක් ලබා නොදුන් බවත් පැවැසූ පූජ්‍ය රතන හිමියන් මාස හයකට නොහැකිවූ දේ වසර පහකදී ඔහු කෙසේ කරනු ඇද්දැයි ප්‍රශ්න කළහ.
පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ඊයේ (06 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්‌වමිණි.
මෙම මාධ්‍ය හමුවට සිවිල් සංවිධාන බහුජන සංවිධාන දේශපාලන පක්‍ෂ නියෝජිතයන් පිරිසක් එක්‌වූ අතර ඊට ද්‍රවිඩ විමුක්‌ති පෙරමුණේ ලේකම් ආර් සංගයියා මහතා සහ ජනතා සේවක පක්‍ෂ මහලේකම් සෝමවංශ අමරසිංහ මහතාද එක්‌වීම කැපී පෙනිණි.


Related