ජනපතිගේ තීරණය දෙස රතන හිමි අවධානයෙන්

මහ මැතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ තීරණය ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරි දින දෙක තුන තුළ කටයු...





මහ මැතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳ පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ තීරණය ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරි දින දෙක තුන තුළ කටයුතු කරන ආකාරය දෙස බලාසිට යැයි එහි කැදවුම්කරු අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරණයේ දී තමන්ට සහය දුන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් පෙරමුණක් ලෙස එක් කරගෙන මහ මැතිවරණයට මුහුණ දීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි ද රතන හිමියෝ සඳහන් කළහ.

එසේ නොකළහොත් එම පෙරමුණ ගොඩනගා ජනවාරි අට වැනිදා ලැබුණු ජනවරම රැක ගැනීමේ අභියෝගය භාරගන්නා බව ද උන් වහන්සේ කීහ.

ජනතාව සහය දෙන්නේ නම් රටේ මීළඟ අගමැතිවරයා බිහි කිරීමට පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව සූදානම් යැයි කී රතන හිමියෝ ඡන්ද ලක්ෂ 10ක් ලබාගතහොත් අගමැතිවරයා තීරණය කිරීමේ බලවේගය විය හැකි බව ද කීහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

දේශපාලන 8728901289688488746

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item