මහින්දට තිබූ ජනතා ප්‍රසාදය පහළට - හකීම් සමීක්ෂණයක් කරලා

චම්පික අපිත් එක්ක ඉන්න එක ලොකු හයියක්... සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම ප...

චම්පික අපිත් එක්ක ඉන්න එක ලොකු හයියක්...

සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම පහළ බසිමින් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපතිවරයා කෙරේ ජනතාව තුළ තිබූ සියයට 53 ක ප්‍රසාදය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයත් සමග මේ වන විට සියයට 43 දක්වා පහළ වැටී ඇති අතර එය තව දුරටත් සීග්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන ආකාරය සමීක්ෂණයකින් හෙළි වී ඇති බව රවුෆ් හකීම් මහතා පැවසුවේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවක් අමතමින්ය. 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්‍රසය දැරූ මතයට දැඩි ලෙස විරුද්ධ වූ අමාත්‍යවරුන් අතර පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සිටි බවත් මේ වන විට එම අමාත්‍යවරුන් දෙදෙනාද එක්සත් ජාතික පෙරමුණත් සමග එක්ව සිටීම විශාල ජයග්‍රහණයක් බව ද හකීම් මහතා සදහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6812973819107374255

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item