ප්‍රසන්න අර්ජුනගේ රෙදි ගලවයි
අර්ජුන රණතුංග හා ප්‍රසන්න රණතුංග එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වුවත් ඔවුන් මේ වනවිට මහින්ද හා රනිල් පාර්ශවයන්ට බෙදී එකිනෙකාට චෝදනා කර ගැනීමට...

https://www.sathhanda.com/2015/07/blog-post_554.html

මේ පිළිබදව පළමු වෙඩි මුරය පත්තුකොට ඇත්තේ අර්ජුන රණතුංග විසින් වන අතර ඔහු අත්තනගල්ල ජනහමුවකදී පවසා ඇත්තේ ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සරණ ගුණවර්ධනගේ බිරිදගේ පෝස්ටරයක් සමග යොදා ගෙන තිබීම ගැන තමා ලැජ්ජාවට පත්වන බවය.එම රැස්වීමේ මර්වින් සිල්වා හිටපු ඇමති තුමාද සිටියේය.
මේ සම්බන්ධයෙන් ප්‍රති ප්‍රහාරයක් එල්ල කළ ප්‍රසන්න රණතුංග අද පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කොට සිටියේ මහ මැතිවරණ කටයුතු වලට මගේ ඡයාරූපය ගම්පහ දිස්ති‍්‍රක්කයේ ඉන්න බොහෝ දේශපාලනඥයන් යොදා ගන්නවා. ඒ ගැන මට කිසිම ප‍්‍රශ්ණයක් නෑ. හැබැයි අර්ජුන අයියා මේ කතාව කියලා තිබුණේ මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා ළග තියාගෙන. පිටුපසින් ගහලා තිබුණේ ආසියාවේ ලොකුම හොරා වුන මහ බැංකු හොරකමට වගකියන්න ඕන රනිල් වික‍්‍රමසිංහගේ රූපයක්.
අනෙක 1977 දී ගේ ගිනි තියපු තාත්තාගේ පපුවට පිහියෙන් ඇණලා පහර දුන්නු එක්සත් ජාතික පක්‍ෂයේ වේදිකාවට අර්ජුන රණතුංග මන්තී‍්‍රතුමා නැග්ගේ රෙදි ඇදගෙනද ?. පසුගිය කාලයේම අර්ජුන අයියා මට චෝදනා කර කර ගියා. මම පක්‍ෂය කඩන්න හැදුවා කියාල. හැබැයි අද එයා ඉන්නේ කොතැනද ? මුළු රටම දන්නවා පක්‍ෂ ගණනාවක ඉදලා අපේ පක්‍ෂයට ඇවිල්ලා මහින්ද රාජපක්‍ෂ මහත්තයා විවේචනය කර කර ඉදලා එයා ආපහු නතර වුණේ කෙහෙද කියලා. ඒ නිසා ප‍්‍රතිපත්ති ගරුක දේශපලනයේ නිරත මම ප‍්‍රතිපත්තියක් නැතිව දේශපාලනයේ නිරත වන අය පිළීබදව කණගාටු වෙනවා. ඒ ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ’යන්නය.
Related