මම ටිකක් බීලා හිටියේ. හිටපු ජනාධිපතිතුමා දැක්කම මට හිටපු තැනත් අමතක වුණා - අකුරැස්සේ චමින්ද [Video]

අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසු...

අකුරැස්සේ පසුගිය දා පැවැති ජන හමුවකට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාක්ෂිකයන් අතරින් වේදිකාවට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ අතකින් ඇද අපහසුතාවකට පත් කළ බව කියන එච්.එස්.ජී. චමින්ද නමැත්තා අද (24) මාතර දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. අකුරැස්සේම පදිංචිකරුවෙකු වන ඔහු, එහිදී සිදුකළ ප්‍රකාශයයි මේ.

‘‘ මම ටිකක් බීලා හිටියේ. හිටපු ජනාධිපතිතුමා දැක්කම මට හිටපු තැනත් අමතක වුණා. මම එතුමාගේ අතින් අල්ලන්න හැදුවේ. ආරක්ෂකයෝ පැත්තකට ඇද්දා. සෙනග අතරේ ලොකු තෙරපීමකුත් තිබ්බා. මම හින්දා අපහසුතාවක් වුණා නම් හිටපු ජනාධිපතිතුමා මට සමාවෙන්න ඕනි.’’ 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5721189280258930983

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item