රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුව හදිසියේ රැස්වෙයි !
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සරණාගතව ජීවත්වන දෙමළ ජනතාවගේ ස්ථාවරය පිළිබඳව විවාද කිරීමට රටින් බැහැර ...

https://www.sathhanda.com/2015/07/blog-post_561.html
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සරණාගතව ජීවත්වන දෙමළ ජනතාවගේ ස්ථාවරය පිළිබඳව විවාද කිරීමට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙන, සියළු පාර්ශවයන්, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව අවධානය යොමුකර ඇති අවස්ථාවකදී, මෙම මැතිවරණය පිළිබඳව සරණාගතව ජීවත්වන දෙමළ ජනතාව කුමන ආකාරයේ ස්ථාවරයක් ගෙන තිබෙනවාද? යන්න පිළිබඳ බලාපොරොත්තු විවිධ මට්ටමින් මතුවී ඇත.
එබැවින්, මෙම කරුණ සම්බන්ධයෙන් විවාද කිරීමට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2015.07.18 වන දින පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙනයන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින, අත්සන් මිලියනයක් ලබාගැනීමේ ව්‍යාපාරයේ දෙවැනි අදියර 2015 වර්ෂයේ සැප්තැම්බර් මස දක්වා දීර්ඝ කර ඇති අවස්ථාවකදී, දෙමළ ඊළාම් මාතෘ භූමියේ ජීවත්වන ජනතාව ලක්‍ෂයකට වැඩි පිරිසක් අත්සන් තබා ඇති අතර, ඊළාම් ජනතාව අඛණ්ඩව අත්සන් තබා සහයෝගය දක්වමින් සිටියි.
Related