ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් ක...
https://www.sathhanda.com/2015/07/blog-post_570.html
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද වාරණ නියෝගයක් නිකුත් කළේය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චි මහතා විසින් ගොනු කැරුණු මෙම පැමිණිල්ලේ වගඋත්තරු කරු ලෙස ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.
පක්ෂ ව්‍යස්ථාව අනුව පක්ෂ සභාපතිගේ අවසරයකින් තොරව මධ්‍යම කාරක සභාව රැක් විය නොහැකි බව පෙත්සමෙන් කියයි.
පැමිණිලිකරු වෙනුවෙන් නීතීඥ තීෂ්‍ය වේරගොඩ, ලංකා ධර්මපේලි ඇතුළු පිරිසක් කරුණු දැක්වූහ.


Related