බල අතිඑකා බල නැති එකා මරණ කති. තවකෙක් බලන් හිඳිති.
ජීවිතය බේරාගැනීමට මිනිසුන්ගේ රැකවරණය සොයා පැමිණි ඇන්ටිලොප් සත්ත්වයකු සිංහයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වන දුර්ලභ ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්...
https://www.sathhanda.com/2015/07/blog-post_576.html
ජීවිතය බේරාගැනීමට මිනිසුන්ගේ රැකවරණය සොයා පැමිණි ඇන්ටිලොප් සත්ත්වයකු සිංහයන් දෙදෙනකුගේ ගොදුරක් බවට පත්වන දුර්ලභ ඡායාරූප කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතික කැරොලින් ඩන්ෆෝර්ඩ් (23) නමැති තරුණිය අද (14) අන්තර්ජාලයට එක්කැර ඇත.
ඇය තම විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා දකුණු අප්‍රිකාවේ කෘගර් නමැති ජාතික වනෝද්‍යානයට ගොස් සිටිය දී පසුගිය සිකුරාදා මේ සිදුවීම ඡායාරූපයට නැගුවාය.
වන සතුන් බැලීමට උදෑසන වනාන්තරයට ඇතුළු වූ වාහන රැසක් අතරට වනාන්තරයේ පසෙක තිබූ පඳුරු අතරින් ඇන්ටිලොප් සතකු වේගයෙන් දිව ආවාය. මාර්ගයේ ගමන් කරමින් තිබූ ඌ සැඟවුණේ වාහනයකට අඟල් කිහිපයක් දක්වා සමීප වෙමින් පාරේ ලගිමිනි. එය බොහෝ දෙනකුට පුදුමයක් විය. මොහොතකින් එතැනට ආ සිංහයන් දෙදෙනකු ඇන්ටිලොප් සතා සොයමින් ඌ වටකරන්නට විය. බියෙන් ගැහෙමින් සිටි ඇන්ටිලොප් යළි පලා යන්නට තැත් කරද්දී උගේ ඇඟට පැන බිම පතිත කරද්දී අනෙක් සිංහයා ඇන්ටිලොප්ගේ ගෙල සපා කන්නේ සදා කාලිකවම නිහඬ කරමිනි.
සත්ත්ව ලෝකයේ එකිනෙකා මරා ගනිමින් දිවි පවත්වාගන්නා ආකාරය සංචාරකයන් සජීවී ලෙස අත්විඳි බව කැරොලින් පවසන්නීය.
මෙම සිද්ධිය ඡායාරූපගත කළ කැරොලින්


Related