ස්වර්ණ පුස්තක දෙවන වටයට කෘති 16ක් නම් කෙරේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙ’’ නව වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ...

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙ’’ නව වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


සැප්තැම්බර් 26 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම සම්මා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සම්පත් බැංකුව මගිනි.

2015 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නියෝජනය කිරීම සහා මෙවර නවකතා 85ක් ලැබී තිබුණ අතර ඉන් පළමු වටයට තොරාගත් කෘති 16 ඊයේ (2015-07-13) ප්‍රසිද්ධියට පත්කළේ ය.


තුරු සමුදා - සුමිත්‍රා රාහුබද්ධ - ෆ්ලැට්ෆෝම් ප්‍රකාශන
සුර අසුර යාමය - නෝබට් අයගම - සුරස ප්‍රකාශන
ඇදහිය නොහැකි නිහතාවය - චම්පා වෛද්‍යතිලක - ගොඩගේ
බැඳමාරිය - අනුරසිරි හෙට්ටිගේ - ගොඩගේ
මහාසාමි - සේපාලි මායාදුන්නේ - ගොඩගේ
රන් කොතලය - සුසන්ත මහඋල්පත - ගොඩගේ
සසර දිගන්තය - ටෙනිසන් පෙරේරා - සරසවි පොත් මැඳුර
පාරාදීසයක දරුවෝ - ශමෙල් ජයකොඩි - සරසවි පොත් මැඳුර
දෛව - කීර්ති වැලිසර - සරසවි පොත් මැඳුර
උං ගියාදෙන් - කරුණාදාස සූරියආරච්චි - දයාවංශ ජයකොඩි
බණ්ඩර මැරූ උන් - සේන තෝරදෙනිය - දයාවංශ ජයකොඩි
බැද්දේ කුලවමිය - රූපා ශ්‍රියානි ඒකනායක - සූරිය ප්‍රකාශකයෝ
නිලි වැස්ස - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ
ආදරණීය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල - බිසෝ ප්‍රකාශන
රන් කරඬුව - බටුවන්ගල රාහුල හිමි - සදිපා ප්‍රකාශකයෝ
මේ රහස් කවුළුවෙන් එබෙන්න - කෞෂල්‍ය කුමාරසිංහ - ආත්ම ප්‍රකාශන

මෙවර ස්වර්ණ පුස්තක සදම්මාන උළෙලේ විණිශ්ච මණ්ඩලය කොටස් තුනකින් සමන්විත වේ.

නාලන් මෙන්දිස් (සභාපති), එච්. ඩී. එස්. මල්කාන්ති, ලතා ගුරුසිංහ, ශ්‍රීමති චන්ද්‍රලතා, කුමුදු රණවීර, සුලෝචන වික්‍රමසිංහ, ඉන්ද්‍රානි පල්ලියගුරු, ප්‍රගීතිකා ජයසේකර, රෝහිත වනිගසේකර, රෝහණ වෙත්තසිංහ, කුල ශ්‍රී කාරියවසම්, චූලානන්ද පෙරේරා, එඩ්මන් ජයසූරිය සහ කුලරත්න ආරියවංශ යන මහත්ම මහත්මීන් පාදකමණ්ඩලය නියෝජනය කරති.

සුන්දර නිහතමානි ද මෙල් (සභාපති), තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුගත් වටගෙදර, විජිත වෙලගෙදර සහ කථිකාචාර්ය ක්‍රිෂාන්ත ෆෙඩ්‍රික් යන මහත්වරු මධ්‍ය මණ්ඩලය නියෝජනය කරන අතර උත්තරීතර මණ්ඩලය නියෝජනය කරන්නේ: මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි ප්‍රමුඛ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස (සභාපති), මහාචාර්ය පැට්‍රික් රත්නායක සහ ආචාර්ය ධර්මසේන පතිරාජ යන මහත්වරු සහ මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය යි.

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් දී සැප්තැම්බර් 18 වන දින සිට 27 වන දින දක්වා පුරා දින දහයක් පැවැත්වීමට ශ්‍රීලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර ඇත.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සාහිත්‍ය කලා 2334994541805706143

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item