අ අ ප්‍රෝඩාව - රන්ජන්ගෙන් බල වැඩක්
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදී ඇති එජාපෙ අපේක්ෂකයින් දෙදෙනෙකු තමන්ගේ නමට ඉදිරියෙන් අ යනු අකුරු සටහන් කර අංක 1 ලබාගැනීමේ උත්...
https://www.sathhanda.com/2015/07/blog-post_603.html
මෙවර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබාදී ඇති එජාපෙ අපේක්ෂකයින් දෙදෙනෙකු තමන්ගේ නමට ඉදිරියෙන් අ යනු අකුරු සටහන් කර අංක 1 ලබාගැනීමේ උත්සහයක නිරතවී සිටිනවා.
ඉන් එක් අයෙකු වන්නේ ප්‍රකට සිනමා නළු රන්ජන් රාමනායක වන අතර අනෙක් තැනැත්තා අජිත් මාන්නප්පෙරුම හිටපු මන්ත්‍රීවරයාය. රන්ජන් තම නම ලෙස සටහන් කර ඇත්තේ අ.අ.රන්ජන් රාමනායක සද්ද විද්ද ලෙසයි.
අජිත් මාන්නප්පෙරුම තම නම ලෙස සටහන් කර ඇත්තේ අ. අජිත් කුමාර මාන්නප්පෙරුම ලෙසයි.(ඔහුට ඇත්තටම නම ඉදිරියෙන් අ යන්නක් තිබුණාදැයි අප නොදනී) රන්ජන් අ යන්නෙන් අකුරු දෙකක් සටහන් කළත් අකාරාදි පිළිවෙල අනුව ඔහුට අංක 1 වෙනුවට අංක 2 ලැඛෙන්නටද ඉඩ ඇත.
පසුගිය වසරේ පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් අ.අ.අ.අ. නම යොදා උප්පැන්න සහතිකද මාරු කර අංක 1 ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා පළවුණත් ඔහුට අංක 1 ලබාගැනීම ගැන ගැටලූවක් පැන නැගුනේ නැත. නමුත් ඒ දිනවල පැවති ප්‍රචාරක රැළියකදී රන්ජන් රාමනායක එම ක්‍රියාව විවේචනය කර තිබුනේ zඅ.අ.අ.අ. එහෙමත් නම් තියනවද මිනිස්සුන්ට ලෙසින් කියමිනි.


Related