තැපැල් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කෙරේ

ඉදිරි මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද හිමි නාමලේඛන සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකදී කාර්යාල වේලාවන් තුළ ප්‍රදර්ශනය ...

ඉදිරි මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද හිමි නාමලේඛන සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකදී කාර්යාල වේලාවන් තුළ ප්‍රදර්ශනය කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.

ඒ අනුව 2014 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛන රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය, අධ්‍යාපන, කම්කරු හා කම්කරු සබඳතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන යන අමාත්‍යංශවලත්, නාගරික සංවර්ධන අධිකාරිය, තැපැල් මූලස්ථානය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව යන ආයතනවලත් ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව ග්‍රාම නිලධාරී කාර්යාලවලද අදාළ ලේඛන ප්‍රදර්ශනයට තබන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.

තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු අයදුම්පත් ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කරන ස්ථාන වලින් නොමිලයේ ලබාගත හැකි අතර තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ලබන 14දා අවසන් වන බැවින් අදාළ කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5810449482551954084

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item