චීන සමාගම ජනාධිපතිවරණයට සල්ලි දුන්නේ නෑලු!, තවත් යහපාලන බොරුවක්
ඉකුත් ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලනඥයෙකුට මූල්‍යමය ප්‍රතිපාදන ලබා නොදුන් බවත්, එසේ ලබාදුන් බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප ...

https://www.sathhanda.com/2015/07/blog-post_661.html
ඉකුත් ජනවාරියේ පැවති ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලනඥයෙකුට මූල්‍යමය ප්‍රතිපාදන ලබා නොදුන් බවත්, එසේ ලබාදුන් බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් චීන සමාගමක් වන 'ද චයිනා හාබර් ඉංජිනේරියන් කෝපරේෂන් ලිමිටඩ්' පවසයි.
ඇතැම් දේශීය පුවත්පත් මගින් එලෙස මූල්‍ය ආධාර ලබාදුන් බවට ජනතාව නොමග යවනසුළු අසත්‍ය පුවත් පළකිරීමෙන් ජාත්‍යන්තර සමාගමක් වන තම සමාගමේ නාමයට අපකීර්තියක් සිදුව ඇති බව එම සමාගම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ශ්‍රී ලංකා රජයේ නිලධාරින්ගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්ෂවලින් එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වැරදි අවබෝධයක් ඇතිකර නොගන්නා මෙන් ඉල්ලා සිටින බව එම සමාගම සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා උන්නතිය වෙනුවෙන් පසුගිය වසර 17ක පමණ කාලයක් දැඩි කැපවීමෙන් තම සමාගම කටයුතු කළ බවත්, ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සමාගම ක්‍රියා කර ඇති බවත් එකී නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Related