මම බඳින්නේ නාගරික මන්ත්‍රීවරයෙක්‌ - පියුමි බොතේජු

ටෙලිනාට්‍යයක්‌ වෙනුවෙන් මහත්වුණ මම ටෙලිනාට්‍යයක්‌ වෙනුවෙන් කෙට්‌ටුවුණා ඔන්න පියුමි බොතේජුත් තව ටික දොහකින් පතිකුලයට යනවා. ඇය ඒ දිනය එළැ...

ටෙලිනාට්‍යයක්‌ වෙනුවෙන් මහත්වුණ මම ටෙලිනාට්‍යයක්‌ වෙනුවෙන් කෙට්‌ටුවුණා

ඔන්න පියුමි බොතේජුත් තව ටික දොහකින් පතිකුලයට යනවා. ඇය ඒ දිනය එළැඹෙනකම් ඇඟිලි ගැන ගැනලු ඉන්නේ. ඕනෑම තරුණියකගේ සිහිනය සුන්දර මනාලියක්‌ වෙන්නනේ. පියුමිගේ ඒ සිහිනය සැබෑ කරන්නේ දේශපාලනඥයෙක්‌ලු. ඒ ගැන අපි ඇයගෙන් විමසීමක්‌ කරපුවම මෙන්න මේ විදිහට තමයි ඇය අපට උත්තර දුන්නේ.

තව සති දෙකකින් යුග දිවියට එළැඹෙනවා කියන්නේ ?

ඔව්. ඒ කතාව ඇත්තක්‌.

ඔහු දේශපාලනඥයෙක්‌ලු නේද?

ඒකත් ඇත්තක්‌.

ඇමැතිවරයෙක්‌ද? මන්ත්‍රීවරයෙක්‌ද?

නාගරික මන්ත්‍රීවරයෙක්‌.

දැන්වත් නම් ගම් විස්‌තර එහෙම කියමු නේද?

තව ටික දවසක්‌ යනකොට ඔහු කවුද කියලා හැමෝටම දැනගන්න ලැබේවි. එතකං ඉවසාගෙන ඉන්න කියලයි කියන්න තියෙන්නේ. මොකද තව සතියයි දෙකයිනේ තියෙන්නේ. මම එදාටම ඔහු ගැන හැමදේම මාධ්‍යයට කියන්නම්.

විවාහයෙන් පසුව දෙන්නා පදිංචි වෙන්නේ ඔයා හදපු අලුත් ගෙදරද?

දැනට නම් මගේ අලුත් ගෙදර තමයි පදිංචිවෙන්න හිතාගෙන ඉන්නේ. ඊට පසුව අවුරුදු දෙකක්‌ විතර ගියාට පසුව ස්‌වාමියාගේ අලුත් ගෙදර ඉන්න සිදුවේවි. කොහොමටත් මම හදපු අලුත් ගෙදරත් පදිංචිවෙලා ඉන්නවා. 

තව සති දෙකක්‌ හින්දා හරියට වැඩ ඇති නේද?

බුද්ධිනි ජයවර්ධනගේ සඳ කිඳුරී මං නව කතාව හරහා නිර්මාණය වන "මේ මමයි" නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න මට අවස්‌ථාව ලැබුණා. පසුගිය 4 වැනිදා වෙනකම් මම ඒ නාට්‍යයේ රූගත කිරීම් වෙනුවෙන් කැපවුණා. දැන් තමයි විවාහ උත්සවයේ වැඩකටයුතුවලට මහන්සි වෙන්නේ. හැබැයි මම හිතන්නේ නැහැ ගැටලුවක්‌ වෙන එකක්‌ නැහැ කියලා. මගේ සහෝදරයන් සහ මගේ මිතුරන් මගේ විවාහ උත්සවයට පැහැදිලිවම උදව් කරනවා.

විවාහ උත්සවය ඉහළින් සමරන්නද හිතාගෙන ඉන්නේ ?

අනිවාර්යයෙන්ම. එදා තමයි මගේ ජීවිතයේ සුන්දරම දවස. 

ක්‍ෂේත්‍රයේ අයට කියනවාද?

මම සතුටුවෙන මොහොතේ මගේ ළඟින් ඉඳගෙන මගේ සතුට වෙනුවෙන් වචනයෙන් හරි උදව් කරපු හැමෝමට විවාහ උත්සවයට ආරාධනා කරලයි තියෙන්නේ. මොකද මට ඔවුන්ගේ ආශිර්වාදය වැදගත්.

නිළියකට දේශපාලනය ඕනෑ නිසා නේද ඔයත් දේශපාලනඥයකුට බහ දුන්නේ ?

මගේ මතය තමයි, අපි කරන දේ හරියට කරන්න ඕනෑ. එහෙම කළොත් තමයි, ජීවිතයේ පැවැත්මක්‌ තියෙන්නේ. දේශපාලනයට මගේ කැමැත්තක්‌ නැහැ. හැබැයි මම විවාහ වෙන්නේ දේශපාලනඥයෙක්‌ සමගයි. ඔහුගේ දේශපාලන ගමනට මගේ උපරිම දායකත්වය ලබාදෙනවා.

පියුමිත් දේශපාලනයට එනවාද?

මම දේශපාලනයට එන්නේ නැහැ. මගේ අනාගත සැමියා දේශපාලනඥයෙක්‌. ඒ නිසා ඔහුගේ වැඩකටයුතුවලට මගේ උපරිම දායකත්වය ලබාදිය යුතුයි. අනික එක ගෙදර දෙන්නෙක්‌ දේශපාලනය කරන්න වුවමනා නැහැ කියලයි මම නම් හිතන්නේ.

විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත් වෙනවාද?

මගේ එහෙම අදහසක්‌ නැහැ. මම දැනටත් වැඩ බදාගෙන කරන කෙනෙක්‌ නෙමෙයි. දිගු කලකට පසුව තමයි මම, මේ මමයි නාට්‍යයට දායක වුණේ. අනික ඕනෑම නිර්මාණයක මට යමක්‌ කරන්න පුළුවන් චරිතයක්‌ ලැබුණොත් විතරයි බාරගන්නේ. නැතුව ලැබෙන හැම වැඩේම බාරගන්න චරිතයක්‌ නෙමෙයි මම. 

විවාහයට දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාද ලැබුණාද?

අනිවාර්යයෙන්ම. නැතිනම් දෙවියනේ විවාහ වෙනවාද?.

පියුමිට දේශපාලන දැනුම තියෙනවාද?

දේශපාලනය ගැන මට මහ ලොකුවට දැනුමක්‌ නැහැ. මගේ අනාගත සැමියා සමග දේශපාලනය පිළිබඳ කතාබහ කරලා, දැනට යම්කිසි දැනුමක්‌ තියෙනවා. මම හිතනවා ඒ දැනුම ඇති ඔහුගේ වැඩකටයුතුවලට සහයෝගය ලබාදෙන්න. 

මනාලියක්‌ වෙන්න ඕනෑ හින්දා පසුගිය දවස්‌වල නොකා නොබී හිටියා කියන්නේ ඇත්තද?

ඒක වැරදි කතාවක්‌. කවුද ඔය බොරුව කිව්වේ.

එහෙනම් කෙට්‌ටු වෙන්න වුවමනා වුණ හේතුව කියමු නේද?

මේ මමයි ටෙලිනාට්‍යයේ චරිතය වෙනුවෙන් අධ්‍යක්‍ෂවරයාට ඕනෑ වුණා මාව ටිකක්‌ කෙට්‌ටුවෙලා චරිතයට දායකකරගන්න. ඒක හින්දා ටිකක්‌ නොකා නොබී ඉන්න සිද්ධ වුණා. මම කොහොමටත් ටෙලිනාට්‍යයක්‌ වෙනුවෙන් මහත්වුණ කෙනෙක්‌. ඒ වගේම ආපසු ටෙලිනාට්‍යයක්‌ වෙනුවෙන් කෙට්‌ටු වෙන්න සිද්ධ වුණා.

මනාලිය වෙන දවස උදාවෙනකම් ඉවසුමක්‌ නැහැ කියන්නේ ?

ඒක නම් ඇත්ත. ඒ දවස හෙට උදාවෙනවා නම් හොඳයි කියලා හිතෙන වාර අනන්තයි. මගේ අනාගත සැමියාට හොඳ බිරිඳක්‌ වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරන්නත් මම කැමැතියි. ඒ දවස හෙට වෙනවාද හෙට වෙනවාද කියලා බල බලා ඉන්නේ. 

දිනේෂ් විතාන



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 7266746496787667074

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item