සජිත් පොඩි කොල්ලෙක්, ඊලග එජාප නායකට සන්නස්ගල හීනියට ගහයි
ගිය ජනාධිපධිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය දරාගත නොහැකි වී ඇති බව එජාප කොලඹ දිසා අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස...

https://www.sathhanda.com/2015/07/blog-post_703.html
රත්මලානේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද පැවසීය.
‘ලක්ෂ 58ක් තියෙනවා කියා වහල උඩ, ජනෙල් උඩ නැගගෙන රාජපක්ෂ මහත්තයා විකටයෙකු වගේ හැසිරෙනවා. පැරදුණාම එහෙම විකටයෙක් වගේ හැසිරෙන්නේ නැහැ. එම තත්වය දකින්න ලැබෙන්නේ ඒකාධිපතියෙකුගේ විතරයි. ඒ නිසා මෙම මැතිවණයට ඔහු එන්නේ වියරු වැටිලයි. සජිත් පේ‍්‍රමදාස කියන පුංචි කොල්ලට බය වෙලා එයා හම්බන්තොට අතෑරලා කුරුණෑගලට ඇවිත්. හුගක් මහරජවරු ඉතිහාසයේත් පැනලා ගියේ පුංචි කොල්ලන්ට බය වෙලා. ඒකම තමයි අද මහින්දට වෙලා තියෙන්නේ’.
මහින්ද දේශපාලනික උපායමාර්ගික වැදගත්කමක් ඇති කුරුණෑගලට යාම මෙරට දේශපාලනයේ ගඳ සුවද වැදුන ඕනේ මිනිහෙක් දන්නා සත්‍ය සන්නස්ගලට නොතේරෙයි යයි හිතන්නේ නෑ. එනිසා ඔහුගේ අවශ්‍යතාවය වී ඇත්තේ නැගී එන එජාප නායකත්වයට පහර ගැසීම බවයයි අපවෙත අදහස් දැක්වූ එජාප ක්‍රියාකාරියකු පැවසීය.
Related