අපි යන්නේ නෑ - රාජිත, MKDS ගුණවර්ධන කියන්නේ බොරු

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව අමාත්‍ය සරත් අමුණුගම සහ නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ...


ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන බව අමාත්‍ය සරත් අමුණුගම සහ නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා. ඒ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ගත් තීරණයට අදාළව කරුණු දක්වමින්. සරත් අමුණුගම අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කරන කණ්ඩායමේ සිටින බව ප්‍රකාශ කළේ අමාත්‍ය රාජිත සේනාරත්නයි. එහෙත් අප ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කළා. නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මීට ටික වේලාවකට පෙර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ තමන් සන්ධානයෙන් ඉදිරි මැතිවරණයට තරඟ කරන බවයි. කෙසේ වෙතත් මීට පෙර අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස් ගුණවර්ධන, ඇය ද සන්ධානයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය සමඟ තරඟ කරන බව ප්‍රකාශ කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1865504630523996538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item