චම්පික, රතන හිමි එන ඡන්දෙට අලියාගෙන්.. ගිවිසුම අත්සන් තැබේ..

ඉදිරි මහමැතිවරණය සඳහා පෙරමුණකින් තරග කිරීමට අදාළ ගිවිසුම මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේදී අත්සන් කරනු ලැබීය. ඒ අනුව, යහපාලනය උ...


ඉදිරි මහමැතිවරණය සඳහා පෙරමුණකින් තරග කිරීමට අදාළ ගිවිසුම මිට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේදී අත්සන් කරනු ලැබීය.

ඒ අනුව, යහපාලනය උදෙසා වූ එක්සත් ජාතික පෙරමුණේ ගිවිසුමට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේන් ඉවත් වූ කණ්ඩායම, හෙළ උරුමය අත්සන් තැබුහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක, එජාප මහලේකම් කබීර් හෂීම්, අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී විය

මේ අතර, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ සොයුරු ආචාර්ය කරුණාරත්න පල්ලෙවත්ත මහතා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් යුතු 'යහ පාලන පෙරමුණ' යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 717536533210272521

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item