මේ ජූලියේ මොනවා වෙයිද ?
මේ උදාවී ඇත්තේ ජූලිි මාසයයි. එජාප ආණ්ඩු ඉතිහාසයේ ජූලිි මාසයේ සිදුකර ඇත්තේ, ජූලිි හතේ වැඩය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමයේ එජාප ආණ්ඩ...

https://www.sathhanda.com/2015/07/blog-post_811.html
මේ උදාවී ඇත්තේ ජූලිි මාසයයි. එජාප ආණ්ඩු ඉතිහාසයේ ජූලිි මාසයේ සිදුකර ඇත්තේ, ජූලිි හතේ වැඩය.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමයේ එජාප ආණ්ඩුවෙන් මසකට රුපියල් 300 කින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා 1980 ජූලිි 15 වැනිදා ලක්ෂ 4 ක පමණ පිරිසක් වැඩවර්ජනයක් දියත් කළ අතර ආණ්ඩුව වර්ජකයින් 40,356 ක් සදහටම ගෙදර යැව්වේය. වර්ජකයෝ සිය ගණනක් ජීවත් වීමට දරු පවුල නඩත්තු කිරීමට ආදායමක් නොමැති හෙයින් සියදිවි නසා ගත්හ.
ඉන්දු ලංකා ගිවිසුම ජනතා විරෝධය නොතකා හොර රහසේ අත්සන් කළේද 1987 ජූලිි 29 වැනිදාය. ගිවිසුම අත්සන් කළ දිනයේ පමණක් එයට එරෙහිවූ 21 දෙනෙකු කොටුව බෝගහ අසලදී වෙඩිතබා මරාදැමූ අතර දින 5 ඇතුළත මරා දැමූ සංඛ්‍යාව 135කි. ඒ සමගම පැමිණි ඉන්දිය හමුදාවට සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවැනි කැරැල්ලෙන් තෙවසරක් ඇතුළත ඝාතනයට ලක්වූ සංඛ්‍යාව 41,813කි.
ද්‍රවිඩ කොටි ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමට බෙහෙවින් ඉවහල් වූ 1983 කළු ජූලිිය ආරම්භ වූයේද 1983 ජූලිි 24 වැනිදාය. දෙමළ සංහාරය රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවූ සැලසුම් සහගත ව්‍යාපාරයක් බව ද්‍රවිඩ ජනයාගේ මතය වූ අතර කළු ජූලිියෙන් ඝාතනයට පත්වූ සංඛ්‍යාව 471 කි. තුවාලවලට ලක්වු සංඛ්‍යාව 3,769 කි. සිදුවූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 3,835කි. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ 1983 ජූලිි 31 වැනිදාය.
මෙවර ජූලිි මාසය උණුසුම් වී ඇත්තේ ලබන මස පැවැත්වෙන මහා මැතිවරණය හේතුවෙනි. මෙවර මහ මැතිවරණය උණුසුම් වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන ආගමනයත් සමගය. හිටපු ජනාධිපති මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර තරග කිරීමට නාමයෝජනා දැනටමත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බාරදී ඇත. එජාපය ඇතුළු පක්ෂ සහ කණ්ඩායම්ද එයට එරෙහිව සිදුකළ සියලූ ක්‍රියාවන් පුස් වෙඩි බවට පත්විය.
එක්සත් ජාතික පක්ෂයේ අලියාගේ ජය ඉර හඳ වගේ සහතික බව එහි නායකයින් කලින් කීවාට මහින්දගේ ආගමනයත් සමග එය කනා පල්ලම් බැසීමක් වී ඇත. මෙතෙක් එජාප ආණ්ඩුව සභාග ආණ්ඩුවක් මුවාවෙන් ශ්‍රීලනිපයේ මන්ත්‍රී පිරිසක්ද බාගෙන කළේ කනාගේ කොරාගේ යාළුකම වාගේ වැඩක්ය. යාළුකම තිබුණේ දෙදෙනාගේම වාසියටය. අවසානයේ ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ බලය රොද බැඳ ගැනීමත් සමගම එජාපය සහ ශ්‍රීලනිප කණ්ඩායමක දිගය අවසන් විය. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කීවාක් මෙන් සෙස්ස පස්සටය.
වර්තමාන පාර්ලිමේන්තුවේ ආසන 225 ක් ඇත. රජයක් පිහිටුවීමට නම් 113ක් අවශ්‍ය වේ. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ එජාපය සහ තොණ්ඩමන්ගේ කම්කරු කොංග්‍රසය සහ එක්ව ජාතික ලැයිස්තුව ඇතුළුව ආසන 125 ක් දිනා ගත්තේය. ලබාගත් ඡන්ද ප්‍රතිශතය 50.71 කි. චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් පොදු පෙරමුණ 1994 දී බලයට පත්වූයේ සුළු පක්ෂ කිහිපයක් සමග එක්වීමෙනි. පොදු පෙරමුණට ලැබූ ආසන සංඛ්‍යාව 105කි. ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 49.8 කි. වසර 2000 දී පැවති මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණට ජාතික ලැයිස්තුවද සමග ආසන 107ක් ලැබිණි. ජවිපෙට ආසන 10 ක් ලැබුණු අතර ජවිපෙ විරුද්ධ නොවීම නිසා සුළුතර ආණ්ඩුව ඉදිරියට ගෙන ගියද 2001 ඔක්තෝබර් 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවීමට සිදුවිය.
රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් එජාපය 2002 දී ලබාගත් ඡන්ද ප්‍රතිශතය 45.62කි. ජාතික ලැයිස්තුව ඇතුළුව ආසන 109 ක් හිමිකර ගත්තේය. සුළු පක්ෂ සමග එක්වී රජයක් පිහිටුවේය. එජාප ආණ්ඩුව 2004 පෙබරවාරි 7 වැනිදා විසුරුවා හරිනු ලැබීය. පොදු පෙරමුණ යළි 2004 වසරේදී ජාතික ලැයිස්තුව ඇතුළුව ආසන 105 ක් හිමිකර ගත්තේය. ඡන්ද ප්‍රතිශතය 45.06 කි. සුළු පක්ෂ සමග එක්ව රජයක් පිහිටුවන ලදී. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නිදහස් සන්ධානය ජාතික ලැයිස්තුවද ඇතුළත්ව 2010 දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ප්‍රබල ආණ්ඩුවක් ගොඩ නැගීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකිවිය.
කිසියම් පක්ෂයකට හෝ සන්ධානයකට රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව 113 කි. සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට 48 ක් ලබා ගන්නේ නම් එම සංඛ්‍යාව ජාතික ලැයිස්තුව ඇතුළත්ව ලබාගත හැකිය. වඩාත්ම වැදගත්වන්නේ දිස්ත්‍රික්ක කිහිපයක් දිනා බෝනස් ආසන ලබා ගැනීමය. දැන් සන්ධානයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් සිදුකළ යුත්තේ තවදුරටත් ඒක පාර්ශ්වීය තීරණ ගැනීම නොවේ. සාකච්ඡා සහ එකඟතා මැදින් මතුවන ප්‍රශ්න විසඳා ගැනීමය. මහ මැතිවරණ කුණාටුව මැදින් ජයග්‍රහණ ඉලක්කය කරා සන්ධාන නෞකාව නිරුපද්ද්‍රිතව ගෙනයා හැක්කේ එවිටය.
ඉකුත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ දිස්ත්‍රික්ක 10 ක් දිනුවේය. දිස්ත්‍රික් තුනක් පරාජයට පත්වූයේ සුළු ඡන්ද ගණනකිනි. ඒ බදුල්ල ඡන්ද 300 කින්, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කයන් ඡන්ද 5,000 කිනි. මහින්ද ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයෙන් සියයට 47.58 ක ප්‍රතිශතයක් ලබා ගත්තේය. ඒ අනුව වූවද දිස්ත්‍රික්ක මට්ටමින් ආසන 100 ක්ද ජාතික ලැයිස්තුවෙන් ආසන 13 ක්ද ලබා ගැනීමේ අවකාශය ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂගේ සුසංයෝගය තුළින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නව ජවයක් ලබා ඇති හෙයින් විශාල ආසන සංඛ්‍යාවක් ලබමින් ආණ්ඩු බලය හිමිවීමේ ප්‍රවණතාවය පැහැදිලිය.
ඉකුත් ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62 පිරිසෙන්ද එජාපය ඇතුළු සුළු පක්ෂ ඉවත් කළ විට ලක්ෂ 10 කට අධික ඡන්ද ප්‍රමාණයක් සන්ධානය වෙතට ආකර්ෂණය වී ඇත. එජාප පාක්ෂිකයා හංසයා ඉදිරියේ කතිරය ගැසුවේ එජාප බලයක් ගොඩනගා ගන්නටය. ද්‍රවිඩ ජනයා හංසයාට පක්ෂව ඡන්දය දැම්මේ කොටි නායක ප්‍රභාකරන්ගේ මරණයට පළිගැනීමක් ලෙස මහින්ද රාජපක්ෂට එරෙහිවය. එම ඡන්ද යළි ද්‍රවිඩ සන්ධානයට මිස එජාපයට මහ මැතිවරණයක දී නොලැබෙන්නේය.
ජනතා විමුක්ති පෙරමුණ මෙවර මහ මැතිවරණයේදී වැටෙනු ඇත්තේ බොහෝ පහළ අඩියකටය. ජනාධිපතිවරණයේදී මෛත්‍රීට ඡන්දය දෙන්නේ යැයි ජවිපෙ කීවේ වහෙන් ඔරෝ තාලයටය. තර්කානුකූල කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට හැම එකටම ව්‍යාජ හෙළා දැකීම්වල යෙදීම මාක්ස්වාදීන්ගේ කාර්යයක් නොවේ. චම්පික රණවකගේ නායකත්වයෙන් පිහිටු වූ යහපාලන පෙරමුණ ජවිපෙට වඩා ඉදිරියට පැමිණීමට ඉඩ ඇත.
ජවිපෙ විසින් ලක් ජනතාවට මෙතෙක් ලබාදුන් විප්ලවීය ජයග්‍රහණයන් කුමක්දැයි විමසීමට යළිත් කාලය එළඹ තිබේ. ඇන්.එම්. සහ කොල්වින් වැඩකරන ජනතාවට සහන ලබාදීමට මුල්විය. ඞී.එස්.සේනානායක ගොවි ජනපද ඇති කළේය. වගා සංග්‍රාමය දියත් කළේ ඩඞ්ලි සේනානායකය. බණ්ඩාරනායක ආණ්ඩුව ජනසතු කිරීම් සිදුකරමින් සුවිශේෂි ප්‍රතිලාභ රැසක් ජනතාවට ලබා දුන්නෝය. මහවැලිය ජේ.ආර් ගේය. උදාගම් ප්‍රේමදාසය. යුද්ධය නිම කළේ මහින්ද රාජපක්ෂය. ඉදිරි මහ මැතිවරණයෙන් පසු ඇද වැටුණු ආර්ථිකය ගොඩනැංවීමටත් කඩා වැටුණු සංවර්ධනය නඟා සිටුවීමටත් හැක්කේ මෛත්‍රී සහ මහින්ද සුසංයෝගයෙන් සන්ධාන ආණ්ඩුවකට පමණි.
මහින්ද රාජපක්ෂ පිල ජයග්‍රහණය දක්වා ගමන් කළේ ධාවන පථ දෙකකට සමාන්තරව එකවිට ගමන් ගැනීමේ මූලෝපායන් ඔස්සේය. ජනාධිපති මෛත්‍රී සමගින් සාකච්ඡා ක්‍රියාවලිය තුළ ඉදිරියට ගොස් ශ්‍රීලනිප හරහා සන්ධානයෙන් මහා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම සඳහා ඉදිරිපත් කිරීමය. අනෙක් විකල්පය වූයේ එය අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සම්පූර්ණ ආශිර්වාදය ඇතිව බහුතර සහයෝගය මත අගමැති අපේක්ෂක ලෙස එජාප විරෝධි ප්‍රධාන බලවේගය ලෙස මහින්ද රාජපක්ෂ සටන් බිමට අවතීර්ණ වීමය. මේ සඳහා විමල්, දිනේෂ්, ගම්මන්පිල සහ වාසු කණ්ඩායම මෙන්ම අවසාන අදියරේදී බර කරට ගත් පක්ෂ ලේකම්වරුන් වූ සුසිල් සහ අනුර ප්‍රියදර්ශන යාපාටද මෙරට ප්‍රගතිශීලි සහ ජාතිමාමක කොටස්වල නොමඳ ප්‍රසාදය හිමිවිය යුතුය.
මහින්ද රාජපක්ෂ කණ්ඩායම වෙනම තරග කළේ නම් එහි වැඩි වාසියද හිමිවීමට තිබුණේ එජාපයටය. මහින්ද ඇතුළු සියලූ දෙනාම සන්ධානයෙන් තරග කිරීමට ගත් තීරණය මීළඟ ආණ්ඩුව පිහිටුවිම සඳහා ඇම්මෙන් කටයුතු කරන සන්ධානයේ සාමාජිකයින් සහ හිතවතුන්ට දැන් ලොකු ගැම්මකි. සන්ධානය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු රටටම අලි කරදර නැත. අලි හිරිහැර නැත. අලි පෙරළි නැත. අලි නෝක්කාඩුද නැත.
මීළඟ සන්ධාන ආණ්ඩුව වැඩ ඇරඹිය යුත්තේ නැවතත් නවත්තපු තැනින් නොවේ. වැරදි අඩුපාඩු මගහැර අලූතින් පටන් ගත යුතුය. ඒ යහපත් හෙටක් සඳහා සදාචාරාත්මක දේශපාලනයක් වෙනුවෙනි.
ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com
Related