මෛත්‍රී පිල සහ එජාපය සන්ධානගත වේ - එක්සත් ජාතික පෙරමුණ පිහිටුවයි

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් කරවීමේ ක්‍රියාවලියට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික ප...


මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් කරවීමේ ක්‍රියාවලියට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කර ඇතැයි BBC සේවය වාර්තා කරයි.

රාජිත සේනාරත්න, චම්පික රණවක ඇතුළු ජනපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දුන් මැති ඇමතිවරුන් පිරිසක් එම පෙරමුණට එක් වනු ඇති බවයි, රණතුංග මහතා පවසා ඇත්තේ.

දූෂණ, වංචා චෝදනා ලැබූ පුද්ගලයින් හා එක්ව තරඟ කිරීම සිය කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් ජනවාරි 8 වැනිදා ලද ජයග්‍රහණය රැක ගැනීම උදෙසා මෙම නව පෙරමුණ පිහිටුවා ගත් බව පැවසූ රණතුංග මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ නව පෙරමුණට නාම යෝජනා ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත් වූ සාකච්ඡා සාර්ථක වූ බව යි.

එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව සෙනසුරාදා හෝ ඉරිදා වන විට මෙම නව පෙරමුණ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කොට ඇති බව BBC වාර්තාවේ සඳහන් වේ.

මෙම නව වාතාවරණය හේතුවෙන් නාම යෝජනා පත්‍ර බාර දීම සඳුදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව ද වාර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7067914474333856251

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item