මහින්ද නාමයෝජනා අත්සන් කරයි !
ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීමට තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෙට (09) නාමයෝජනා සඳහා අත්සන් තබන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ...

https://www.sathhanda.com/2015/07/blog-post_85.html
ඉදිරි මහමැතිවරණය සඳහා තරග කිරීමට තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෙට (09) නාමයෝජනා සඳහා අත්සන් තබන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇති බව නෙත් නිව්ස් සදහන් කරනවා.
හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමක් අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී නාමයෝජනා සඳහා අත්සන් තැබීමට නියමිතව තිබුණා. නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ අවසන් අදියර සහ ඒවාට පුද්ගලයින් ඇතුළත් කිරීමේදී ඇති වූ තත්ත්වයන් මත එම කටයුත්ත අද සිදුකෙරුණේ නැහැ. ඒ අනුව හෙට දිනයේදී තමා නාමයෝජනා සඳහා අත්සන් තබන බවයි මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
Related