තැපැල් ඡන්දයට තෙදිනක්
මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම දින 3කදී සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනූව ගුරුවරුන් සඳහා...

https://www.sathhanda.com/2015/07/blog-post_89.html
මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම දින 3කදී සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඒ අනූව ගුරුවරුන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු මස 3 වැනිදා සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇත.
සෙසු රාජ්‍ය ආයතන සේවකයින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීම අගෝස්තු මස 5 සහ 6 වැනිදා සිදුකළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.
ඉදිරි මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම පසුගිය 03 වැනිදා ආරම්භ වුණි.
අයදුම්පත් භාරගැනීම ලබන 14 වැනිදා අවසන් වීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.
මහමැතිවරණය අගෝස්තු 17 පැවැත්වීමට නියමිතය.
Related