රන්ජන් රාමනායක අඹකුමාර වෙලා
මෙවර මහ මැතිවරණයට තරගවැදීමට ගම්පහ දිස්ත්‍රික්කයට එජාපයෙන් නාමයෝජනා ලබාදී ඇති සිනමා නළු රන්ජන් රාමනායක නාමයෝජනා සඳහා භාවිත කළ අ.අ.රන්ජන් ර...

https://www.sathhanda.com/2015/07/blog-post_924.html
මෙවර මහ මැතිවරණයට තරගවැදීමට ගම්පහ දිස්ත්‍රික්කයට එජාපයෙන් නාමයෝජනා ලබාදී ඇති සිනමා නළු රන්ජන් රාමනායක නාමයෝජනා සඳහා භාවිත කළ අ.අ.රන්ජන් රාමනායක යන්නෙහි තේරුම හෙළිකර තිබේ.
ඒ අනුව ඔහු පවසන්නේ එය ඔහුගේ ඇත්ත නම කෙටි කිරීමෙන් යෙදූවක් බවයි.
අඹකුමාර අල්පොන්සු රන්ජන් රාමනායක යන නම තමා මින් පෙර මැතිවරණ වලදීත් භාවිත කළ බව කියන ඔහු එම කටයුත්තෙහිදී තමා හිතාමතා නම වෙනස් කළේ නැති බව කියා සිටී.
කෙසේවුවද, අජිත් මාන්නප්පෙරුම තම නම ලෙස සටහන් කර ඇත්තේ අ. අජිත් කුමාර මාන්නප්පෙරුම ලෙසයි.
කෙසේවුවද රන්ජන් අ යන්නෙන් අකුරු දෙකක් සටහන් කළත් අකාරාදි පිළිවෙල අනුව ඔහුට අංක 1 වෙනුවට අංක 2 ලැබෙන්නටද ඉඩ ඇති බවද මේ අතර වාර්තා වේ.
පසුගිය වසරේ පැවති බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් අ.අ.අ.අ. නම යොදා උප්පැන්න සහතිකද මාරු කර අංක 1 ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා පළවුණත් ඔහුට අංක 1 ලබාගැනීම ගැන ගැටලූවක් පැන නැගුනේ නැත.
Related