සුසිල් ජනපතිට දෙහි කපයි

සන්ධානයේ මංගල රැලිය 17 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති එකඟවූ බවත් මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත්...

සන්ධානයේ මංගල රැලිය 17 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති එකඟවූ බවත් මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමටද ඔහු එකගවූ බවද ප්‍රේමජයන්ත මහතා කීවේය.

සන්ධානයෙන් අපේක්ෂකයෝ 260 දෙනෙක් තරග කරනවා. මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා, මම , දිනේෂ් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවුණා.

මැතිවරණ මෙහෙයුම් කමිටු නායකයා ලෙස රාජපක්ෂ මහතා පත් කිරීමටද ජනපති එදින එකඟවුණා. ඒ අනුව පසුගිය 3 වැනිදා ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූවා. මම ලිපිය නිකුත් කළේ සන්ධානයේ එකගතාවය මත. නාම යෝජනා සකසන්නේ සහ මැතිවරණ කොමසාරිස් සමග කටයුතු කරන්නේ පක්ෂයේ ලේකම්. කවුරුන් හෝ ජාතික ලැයිස්තුවේ නම නැති ඡන්දෙට ඉදිරිපත් නොවූ කිසිවෙක්ට ජාතික ලැයිස්තු පුරප්පාඩුවට පත් කළ නොහැකියි.

මහ බැංකු අධිපති වැරදි බව ජනපතිගේ කථාවෙන් පැහැදිලියි. ප්‍රසිද්ධ විභාග පැවැත්වෙද්දී මැතිවරණ තියන්නේ නෑ. නමුත් මෙවර උසස් පෙළ විභාග සමයේ මැතිවරණය තිබෙනවා. එක දශමයක් වුණත් දරුවන්ට වැදගත්.

අගමැති බේරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන්ගේ අනාගතේ නොසලකා ඡන්දය දැම්මා. අගමැතිවරයෙක් බේරාගන්න දරුවන්ගේ අනාගතේ උකස් කරන ආණ්ඩුවකින් අනාගතේ ඇති පලේ මොකක්ද? අගෝස්තු 18 අපි නියත ලෙසම ආණ්ඩුවක් පිහිටුවනවා.

මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවසීය.

‘අපේ ප්‍රධාන අරමුණ එජාපය පරාජය කිරීමයි. තරුණ සේවා සභාවේ වාහන 52ක් මේ ආණ්ඩුව ඡන්දෙට යොදාගෙන තියෙනවා. රාජ්‍ය මාධ්‍ය අද එක අන්තයක් අරගෙන. අපේ කාලයේ රජයේ වාහන ඡන්දෙට භාවිතා කළේ ඉතා අඩුවෙන්. ඩලස් කච්චේරියෙන් එළියට එද්දී තර්ජනය කළා. මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩු කළා. ඇමැතිවරු කිහිපදෙනෙක්ට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදාගෙන තිබෙනවා. අද ශ්‍රීලනිපය එකමුතු වෙලා. ජනපතිගේ ප්‍රකාශය ගැන ඔහුගෙන් අහන්න. ජනපතිගේ ප්‍රකාශය ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා. එළියේ කථා කරන්න කැමති නෑ‘

‘ජනපතිගේ ප්‍රකාශයෙන් මා කම්පාවට පත්වුණා.. ඔහු එජාප නායකයා බේරාගන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා කිව්වා. ලෝක දේශපාලනයේ පළවැනි වතාවටයි එක පක්ෂ නායකයෙක් තවත පක්ෂෙක නායකයකු බේරාගැනීමට කටයුතු කළ බව කිව්වේ‘ යැයි මාධ්‍ය හමුව ඇමතූ ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

සන්ධාන නායකයා ඉවත් කිරීමට තීරණයක් ගෙන නැති බවත් මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය. ‘මහින්ද පරදින බව ජනපති කිව්වත් අපි කියන්නේ ඔහු දිනන බවයි.‘

‘ජනාධිපතිතුමා සහ අප අතර ගැටුමක් ඇති කරන්න මාධ්‍ය ප්‍රශ්න අහනවා.‘ යැයි වෙල්ගම මහතා කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7518394356071859501

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item