මහින්දගේ ආරක්ෂාව තහවුරු කරන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා එ් මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පොලිස්පතිවරයා වෙත අද (12)...
https://www.sathhanda.com/2015/07/blog-post_968.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලා එ් මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පොලිස්පතිවරයා වෙත අද (12) ලිපියක් යොමු කළා.
තිස් වසරක් පුරා පැවැති යුද්ධය අවසන් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව අවස්ථා කිහිපයකදීම නිරීක්ෂණය වූ බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කර ගනිමින් උත්සව කිහිපයක් සංවිධාන කර තිබුණා. එහෙත් එම උත්සවය සඳහා පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණේ නැහැ. වලස්මුල්ල ප‍්‍රදේශයේ සංවිධාන කර තිබූ කිසිඳු රැස්වීමකටද පොලිස් ආරක්ෂාවක් ලබා දී නොතිබුණු බවයි රොහාන් වැලිවිට මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.
එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාමයෝජනා අත්සන් කර ඇති අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා සිටින බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.


Related