බ්ලුමැන්ඩල් වෙඩි තැබීමේ පොලිස් පරීක්ෂණ වලට ඉහලින් බලපෑම් - 22ක් අත්අඩංගුවේ

ඊයේ (31) දින රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේදී එල්ල වුණු වෙඩි ප්‍රහාරය පාතලයේ ගැටුමක ප්‍රතිඵලයක් බව ‍පො...

ඊයේ (31) දින රවි කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසකට සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේදී එල්ල වුණු වෙඩි ප්‍රහාරය පාතලයේ ගැටුමක ප්‍රතිඵලයක් බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. ‍පොලිස්පති නියමයෙන් මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණක් පවත්වයි. 

සිදුවීම සමග හෙළිවූ ආමි සම්පත් සහ සංඛ නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාට බ්ලූමැන්ඩල් තට්ටු නිවාස සංකීර්ණය තුළ නිවාස 3 ක් ඇති බව ‍පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එම නිවාස සංකීර්ණ භූමියේ නතර කර තිබුණු ආමි සම්පත් පරිහරණය කළ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක්ද ‍පොලිස් භාරයට ගෙන ඇත. එම මෝටර් රථයේ ටී 56 පතරොම් ගැබක්ද තිබි හමුවී ඇත. එම පතොරම් ගැබ තුළ ටී 56 පතරොම් 22 ක් තිබි හමුවූ බව ‍පොලීසිය කියයි. බත්තරමුල්‍ලේ පුද්ගලයකුට අයත් එම මෝටර් රථය ආමි සම්පත් කුලියට ගෙන ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ‍පොලීසිය කළ සෝදිසි මෙහෙයුමකින් පසු සැකපිට පුද්ගලයන් 22 ක් ‍පොලිස් භාරයට ගෙන ඉන් කිහිප දෙනෙකු නිදහස් කර ඇත.

මේ අතර එම පුද්ගලයන්ව නිදහස් කරන ලෙස ‍පොලීසියට වත්මන් ආණ්ඩුවට සම්බන්ද ඉහල දේශපාලකයන් කිහිප දෙනෙකුගෙන්ම බලපෑම් එල්ල එල්ල වෙමින් පවතින බව දැනගන්නට ලැබේ. මෙම බලපෑම් නිසා පරීෂණ සාර්ථකව ඉදිරියට ගෙන යෑම පිළිබඳව ගැටලු මතුවී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5008393281692379189

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item