පන්සිල් පද කැඩුව කියල ඔප්පු කලොත් දේශපාලනයෙන් සමු අරන් ජීවිතේ නැති කර ගන්නවා - චතුර (රාජිත)

මෙවර ගම්පහින් මැතිවරණයට තරග කරන රාජිත සේනාරත්නගේ පුතෙකු වන චතුර සේනාරත්න මින් පෙර මහින්දට අභියෝග කරන්නට ගොස් පරිණත දේශපලයකන්ගෙන් මෙන්ම වැ...

මෙවර ගම්පහින් මැතිවරණයට තරග කරන රාජිත සේනාරත්නගේ පුතෙකු වන චතුර සේනාරත්න මින් පෙර මහින්දට අභියෝග කරන්නට ගොස් පරිණත දේශපලයකන්ගෙන් මෙන්ම වැඩිහිටි බොහෝ දෙනෙක්ගෙන් ලුණු ඇඹුල් ඇතිව අහ ගත්තේය. මේ අතර පසුගියදා පවතී ජනහමුවක් අමතකින් ඔහු තවත් අභියෝගයක් කළේය. තමන් එක පන්සිල් පදයක් හෝ කැඩුව කියල ඔප්පු කලොත් ඔහු දේශපාලනයෙන් සමුගෙන ජීවිතයද නැති කර ගන්න බවයි.

එහෙත් අප හොදාකාරවම දන්නා කාරණාවක් නම් ඔහු විභාග ගණනාවක් වංචා කල පුද්ගලයෙකි. ඔහු වෙනුවෙන් වෙන පුද්ගලයකු විභාග ලියු  බව ඉතා ප්‍රසිද්ධ රහසකි. එමෙන්ම ඔහුගේ පුද්ගලික ජීවිතයේ දේවල් අප මෙතන ප්‍රකාශ කරන්නේ නැත. එහෙත් මෙසේ බෙරිහන් දීමට ප්‍රථමව තමන් කියන්නේ මොකක්ද යන්න සිහි බුද්ධියෙන් සිත බැලිය යුතු බව නම් අපගේ මතයයි. නැති නම් මහජනයා සහ මාධ්‍ය විසින් තම පුද්ගලිකත්වය හෙළි කල දවසට තමන්ට මඩ ගසනවා යයි තම පියා මෙන්ම අදෝනා නැගීමට සිදුවනු ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 404132031158655890

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item