හූ කියන බයට රැළියට එන්නේ නෑ - මහින්ද සමරසිංහ

පසුගිය දා මාතලේ නාවුල පැවති සන්ධාන ජනරැළියේ දී අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාට ' හූ ' කීම නිසා ඇතැම් සන්ධාන ප්‍රබලයන් ප්‍රධාන ජන...

පසුගිය දා මාතලේ නාවුල පැවති සන්ධාන ජනරැළියේ දී අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාට ' හූ ' කීම නිසා ඇතැම් සන්ධාන ප්‍රබලයන් ප්‍රධාන ජනරැළිවලට එක් නොවන බවට වාර්තා පළ වනවා.

මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය කාලයේ සහාය නොදුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව සංවිධානාත්මකව ' හූ ' කියවීමට ඇතැම් පාර්ශ්ව කටයුතු යොදා ඇති බවට වාර්තා වීම නිසා මෙම පියවර ගත් බවයි ඇතැම් ප්‍රබලයන් පසුගිය දා තම හිතවතුන්ට සඳහන් කර තිබුණේ.

මේ බව සනාථ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්‍රික් ප්‍රධාන රැළියට තමා එක්නොවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (29) පැවති මාධ්‍ය හමුවක දී ද සඳහන් කර තිබෙනවා.

කලුතර දිස්ත්‍රික් ප්‍රධාන රැළිය සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර නන්දිමිත්‍ර ඒකනායක මහතාට මෙන් තමාටද කලුතරදී පිරිසක් හූ කීමට සූදානමින් සිටින හෙයින් තමන් රැස්වීමට එක්නොවන බවද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3664004668832040505

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item