නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෑ - සම්බන්ධන්
දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුව ඇතුළු අනෙකුත් ගැටළු වලට විසඳුමක් දැකීමට අවශ්‍ය නම්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධාන...

https://www.sathhanda.com/2015/07/sampanthan.html
දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුව ඇතුළු අනෙකුත් ගැටළු වලට විසඳුමක් දැකීමට අවශ්‍ය නම්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.
‘ද හින්දු’ ඉංග්‍රීසි පුවත් පතට අදහස් දැක්වූ අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව මේ වනවිට සියළු පාර්ශවයන් ප්‍රකාහ කරමින් සිටියි. සිංහල නායකයින් පවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශය බව අප ප්‍රකාශ කිරීමට එහි බොහෝ අරථයන් ඇත. 1978 වර්ෂයේ සකස්කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කාලය අවසන් වී ඇති බව රටේ මතය වී ඇත.
නව ආණ්ඩුක්‍රම ව්‍යව්සථාවක් අවශ්‍ය බව අදහස් කරන්නේ, දෙමළ ජනතාවගේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් දැකීමට පමණක් නොව, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, මානව හිමිකම්, වංචා දූෂණ සහ තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු අනෙකුත් ගැටළු වලට විසඳුමක් දැකීම සඳහාය” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.
Related