‘කතරගම ඉංජිනේරුවරිය නුගේගොඩදී අතරමං‘ - සොයාගැනීමට සහය වන්න [Updated: හමුවුඋනා]
"කතරගම ශිෂ්‍යාව වෙනත් විභාගයකට නාවලපිටි ගිහින් " : Updated සිවිල් ඉංජිනේරු විභාගය සඳහා කතරගම සිට නුගේගොඩට ආ බව කියන කතරගම ශිෂ්...

https://www.sathhanda.com/2015/07/missing.html

"කතරගම ශිෂ්‍යාව වෙනත් විභාගයකට නාවලපිටි ගිහින් " : Updated
සිවිල් ඉංජිනේරු විභාගය සඳහා කතරගම සිට නුගේගොඩට ආ බව කියන කතරගම ශිෂ්‍යාව නාවලපිටියේ ගෙදර සිටින බවට තොරතුරු ඇතැයි මිරිහාන පොලිසිය කියයි. ඇය මරදානේ කෙනකු සමඟ නාවලපිටියට ගිය බවට ලැබී ඇති තොරතුරු ද, අද පැවැති විභාගයට යන බව කියා ගෙදරින් පිටත් වූ බව කියන කතාව ද, පාගොඩ ඥාති නිවසකට යෑමට මේ දැන් ත්‍රිරෝද රියකට නැග්ගායැයි කී කතාව ද රඟපෑම්දැයි සොයා බලන බවත්, එම තරුණිය මිරිහාන පොලිසියට ගෙන්වීමට නියමිත බවත් පොලිස් ආරංචි පවසයි.පෙර පුවත:
-------------------------------------------------------------------------------------------------------------------------
කොළඹ රාජකීය විද්‍යාලයේ අද (26) පැවැත්වෙන විභාගයක් සඳහා පෙනී සිටීමට කතරගම සිට ආ ඉංජිනේරු ශිෂ්‍යාවක (21) නුගේගොඩදී සෙනසුරාදා රාත්‍රියේ ත්‍රී රෝද රියකට නැග ඇතත් ඉන්පසුව ඇය ගැන කිසිම තොරතුරක් නැතැයි පොලිසිය කියයි.
පාගොඩ ඥාතියකුගේ ගෙදරට යාම සඳහා ත්‍රී රෝද රියට නැගුණු බව ඇය කියා ඇත. එය ඇගේ අවසන් පණිවුඩයයි.
ඉන්පසු ඇය පාගොඩ නිවසට නොපැමිණි බවත් ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවූ බවත් පාගොඩ ඥාතියා පොලිසියට පවසා ඇත.
මෙම ළමයා සොයාදීම සියලුම ත්‍රී රෝද රථ රියදුරන්ගේ වගකීමකියි එය ඔවුන්ගේ හොඳ නම රැකගැනීමට ඔවුන් පොලිසියට දක්වන සහයෝගයකියිද පොලිසිය පවසයි.
Related