එක්නැලිගොඩ විකුණා තජුදීනුත් විකිණීම
අප කිසි විටෙකත් අතුරුදහන් කිරීම් හෝ මරාදැමීම් අනුමත නොකරන්නෙමු. එමෙන්ම ඒවා හෙලා දකින්නෙමු. පසුගිය රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා කරලිය ගෙනා මා...

https://www.sathhanda.com/2015/07/mohammad-thajudeen.html
අප කිසි විටෙකත් අතුරුදහන් කිරීම් හෝ මරාදැමීම් අනුමත නොකරන්නෙමු. එමෙන්ම ඒවා හෙලා දකින්නෙමු. පසුගිය රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා කරලිය ගෙනා මාතෘකා අතර එකනලිගොඩ අතුරුදහන්වීමත්. තජුදීන් ගේ මරණයත්, ලසන්තගේ ඝාතනයත් විශේෂ විය. පසුගිය පාලන කාලය තුල පරීක්ෂණ නිම නොවීම නිසා හෝ යහපාලන පිරිස් කියන ආකාරයට හිතා මතා යට ගසා ඇත.
එසේනම්, අද මොකද වෙන්නේ. එක්නැලිගොඩ අතුරුදහන්වීම ගැන චම්පික රණවකට චෝදනා එල්ල වී ඇති බව කනින් කොනින් ඇසේ. එමෙන්ම එක්නැලිගොඩ ගේ අතුරුදහන්වීම ගැන ඔහු වෙනුවෙන් හඬ නැගු, මාධ්‍ය සාකච්චා පැවැත්වූ සියලු සත්වයෝ මුනිවත රකිති. NGO නඩය මෙන්ම චම්පික රණවකට මුලින්ම චෝදනා එල්ල කල lankaenews සන්දරුවන්ලාත් නිහඩය. පසු ගියද ප්‍රසිද්ධ විවාදයකදී එක්නැලිගොඩ පරීක්ෂණය ගැන දයාසිරි ජයසේකර රන්ජන් රාමනායකගෙන් (දයාසිරි වැනි නීතිඥයෙක් රන්ජන් වැනි නුගතෙක් සමග විවාද කිරීමත් කිරීම වෙනම විහිළුවකි.) ඇසු විට ඔහු කීවේ එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා තදබල පීඩනයක් ආණ්ඩුවට ඇති කරන බවය. එහෙත් අපිට පෙනෙන්නට නම් එහෙම තද බල පීඩනයක් නොපෙනේ. ප්‍රශ්නය ඇත්තේ, මෙය ගැන පසුගිය කාලයේ කෑමොර දුන් ගොබ්බ රන්ජන් ඇතුළු සියලු දේශපාලකයෝ, NGO කාක්කෝ නැට්ට පස්ස පැත්තේ හොවාගෙන තම පසු මුව වසාගෙන සිටීමයි. ටිකක් හෝ කට ඇර කතා කරන්නේ ශාන්ත පමණි.
එමෙන්ම මෙම මැතිවරණය සඳහා මොවුන් තජුදීන්ගේ මරණය පසුගියදාට වඩා කරලියට ගෙන ඒමේ තැතක් අප වෙත වාර්තා වේ. රහස් පොලිසියේ නිලධාරීන් මාරු කරමින් උසාවියට පරස් පර පරීක්ෂන් වාර්තා ඉදිරිපත් කරමින් අලුතෙන් පුවත් මැවීමේ දේශපාලන ක්‍රියාවලියක් සිදුවෙමින් තිබේ. තජුදීන්ගේ දුරකථන වාර්තා අස්ථාන ගත වෙලා ඇති බව රජයේ මාධ්‍ය පවසයි. මේ ගොබ්බ වහන්සේලාට දුරකථන සමගම අධිකරණයට දැනුම් දුන්නේ කුමක්දැයි වත් හරියට අධ්‍යන කර නැත. දුරකථන සමගම පවසා ඇත්තේ, ඔවුන් තම පරිබෝගිකයන්ගේ දුරකථන දත්තයන් තියා ගන්නේ පසුගිය අසන්න මාස 3ක කලකයකට පමණ බවය. මිනිත්තුවට මිලියන ගනනක දුරකථන සංවාද සහ කෙටි පණිවිඩ සහ අන්තර්ජාල පරිහරණ දත්තයන් ජීවිත කාලය පුරාම තබා ගැනීමක හැකියාවක් නොමැත. එහෙත් කුලියට කහින මොඩ වහන්සේලා එම සත්යත් විකෘති කරයි.
එමෙන්ම අධිකරණට ඉදිරපත්කර ඇති වර්ෂ 2015/2/12 රස පරීක්ෂක වාර්තා මගින් මේ මරණය ගින්නෙන් සිදුවූවක් බවට හෝ හිතාමතා ගිනි තැබීමක් හෝ ඉන්ධන කාන්දුවීමෙන් සිදුවූ මරණයක් බවට නිශ්චිත නිගමනයක් ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇත.එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මරණකරුගේ සිරුරේ කාබන්මොනොක්සයිඩ් ඇති බවට සඳහන් වුවද රස පරීක්ෂක වාර්තා අනුව එවැනි සඳහනක් නොමැත. මෙවැනි හිතා මතා මෙම පරීක්ෂණය ව්‍යාකුල කරමින් ඇති බව බලු බැල්මටම පෙනේ.
ඒනිසා, මේ ගැන අවධානයක් යොමු කරන සියලුදෙනා මෙය විකුණගෙන දේශපාලනය කිරීමට පැමිණෙන අවස්ථාවාදී යහපලකයන්ගෙන් මෙන්ම උන්ට කඩේයන ගෙවලයන්ගෙන්ද ප්‍රවේසම් විය යුතුය.
Related