‘කෙසෙල්වත්තේ සජිත්‘ හම්බන්තොටට පැන්නේ මට බයේද? - විමල්
කොළඹ කෙසෙල්වත්තේ උපන් සජිත් පේ‍්‍රමදාස හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්නේ තමන්ට බියේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහත...

https://www.sathhanda.com/2015/07/wimal-sajith.html
පසුගිය 23 වැනිදා බෙලිඅත්ත නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජන රැලිය අමතමින් විමල් වීරවංශ මෙසේ ප‍්‍රශ්නකර සිටියේය.
2004, 2010 යන මහ මැතිවරණවලදී කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉහළම මනාපය දිනාගත් විමල් වීරවංශ මහතා, හම්බන්තොටින් මහින්ද රාජපක්‍ෂ කුරුණෑගලට පැන ගියේ තමන්ට බියෙන් යැයි සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය පුරා ගෙන යන ප‍්‍රචාරක මෙහෙයුම’ හමුවේ ඔහුට අභියෝග කරමින් ඉහත ප්‍රශ්නය ඉදිරිපත් කර තිබිණි.
බෙලිඅත්ත රැලිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
“ ‘දින 100න් අලූත් රටක්’ කියපු වික‍්‍රමසිංහ මහත්තයා ජූලි 22 වැනිදා තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කරමින් කියනවා, ‘මාස 60න් අලූත් රටක්’ කියලා. දින 100න් අලූත් රටක් හැදුනාද? මාස 60න් නොවෙයි අවුරුදු 60කින්වත් මේ රට අලූත් රටක් කරන්න වික‍්‍රමසිංහ මහත්තයෝ ඔයාට බැහැ. මහින්ද රාජපක්‍ෂට කරන්න බැරි වෙනසක් කරාවි කියලා තමයි සමහරු හංසයාට රැවටුණේ. දැන් තේරෙනවා තමන් හංසයා කියලා රැවටුනේ කොකාට බව. දැන් මේ කොකා ජනතාවට ‘කොකා පෙන්වනවා’ රජයේ සේවකයාගේ මූලික වැටුප රුපියල් 10.000කින් වැඩි කළේ නැහැ. යතුරු පැදිය නොමිලේ දුන්නේ නැහැ. රුපියල් 50,000 නැවත දුන්නෙත් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කළේ නැහැ. ‘යෞවනයේ පොපියන චමත්කාරය: කොත්තමල්ලි’ මිල අඩු කළා. දැන් ඒකත් ගණන් ගිහිල්ලා. දින 100, දින 180 දක්වා දිර්ඝකර ගත්තත් සිදු වුණු වෙනසක් නැහැ.“
“මෛත‍්‍රීපාල නංගි පෙන්වා වික‍්‍රමසිංහ අක්කා බලයට ආවා. දින 100න් අලූත් රටක් හැදුවේ නැති වුනාට උතුරු සහ නැගෙනහිර නම් අලූත් රටක් හැදෙනවා. උතුරු සහ නැගෙනහිරට අදාළව නම් මේ අය මහින්ද රාජපක්‍ෂට කරන්න බැරි වෙනස්කම් කරනවා. ඒ මොනවාද කියලා බලමු. උතුරට යන තහනම් බඩු ලැයිස්තුව අයින් කළා. ඕමන්තේ මුර කපොල්ල ඉවත් කළා. අධිආරක්‍ෂිත කලාප ගැලෙව්වා. සාම්පූර් නාවික හමුදා කඳවුර ඉවත් කළා. උතුරු මුහුදේ නාවික හමුදා ආරක්‍ෂාව ඉවත් කළා. මිය ගිය කොටි නායිකාවකට අයත් නිවසක් ඇයගේ පවුලේ අයට ලබා දුන්නා. නමුත් ජවිපෙ නායක රෝහණ විජේවීර සහෝදරයා විසූ නිවස ඇතුළු පක්‍ෂයට අයත් දේපළ සියල්ල එවකට පැවැති එජාප ආණ්ඩුව විසින් රාජසන්තක කළා. අද මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන්ට සලකන විදිය බලන්න.“ යැයිද වීරවංශ මහතා වැඩිදුරටත් පැවසී ය.
Related