අනිවාර්යෙන් මැතිවණයෙන් පසු එජාප ප්‍රබලයින් 12ක් සන්ධානයට? - සාකච්ඡා සාර්ථකයි
මහ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයන් 12දෙනෙකු කැමැත්ත පළකර ඇතැයි සන්ධානයේ අභ...
https://www.sathhanda.com/2015/08/12-UNP-ready-to-jump-to-upfa.html
මහ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයන් 12දෙනෙකු කැමැත්ත පළකර ඇතැයි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එසේ කැමැත්ත පළ කර ඇති කණ්ඩායමට සිංහල අපේක්ෂකයන් 08දෙනෙකු සහ සිංහල නොවන අපේක්ෂකයන් 04 දෙනෙකු වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් අතරින් වන්නි දිස්ත්‍රික්කයේ එක් අයෙකු වන අතර මධ්‍යම පළාතේ තිදෙනෙකු අයත්වෙයි. මෙම කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග නියෝජ්‍ය ඇමති තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පසුගිය 03වැනිදා රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ සමග මෙම කණ්ඩායම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.


Related