ඉංජිනේරු තාක්ෂණය ප්‍රශ්න පත්තරය පිටවෙලා, කොටසක් FB එකෙත් දාලා

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභාගයට පෙර පිටවී ඇතැයි සැක මතුවූ බව කියමින් සිසුන් පිරිසක් විභාග දෙපාර්තම...

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභාගයට පෙර පිටවී ඇතැයි සැක මතුවූ බව කියමින් සිසුන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට සහ ජනාධිපති ලේකම් කාර්යාලයයට පැමිණිලි කර තිබේ.

එම ප්‍රශ්න පත්‍ර සෙනසුරාදා (08) සවස 12.30ට ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර ප්‍රශ්න පත්‍රයේ උඩ කොටසේ ඡායාරූපයක් බස්නාහිර පාසලක ශිෂ්‍යාවක සිකුරාදා (07) සවස සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ බව ද එම සිසුහු පවසති.

ප්‍රශ්න පත්‍රයේ උඩ කොඩස අද පැවැති ප්‍රශ්න පත්‍රයට සමාන බවත්, එවැනි පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දී නැති බවත්, එය අද පැවැති ප්‍රශ්න පත්‍රයේ උඩ කොටසම බවට විශ්වාස බවත් එම සිසිහු කියති. මේ නිසා තමාන්ට අසාධාරණයක් සිදු වී ඇති බව ද, ඒ ගැන සොයා බලා සාධාරණයක් කරන ලෙස ද සිසුහු පවසති.

පසුගිය රජයේ මෙවැනි සිදුවීමක් වෙනම ප්‍රශ්න පත්‍ර වැරදි යයි තක හනියේ කෑ මොර දුන් සමහර මාධ්‍ය වාචාලයෝ අද අධ්‍යාපන ඇමතිට අස් වන්නට කියනෙත් නැතුව මෙන්ම ඒවා නොදැක්කා සේ වාර්තා කිරීමෙන්ද වැළකී සිටී.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5785668144392421508

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item