මහින්දට අගමැති වෙනවා අපි අත්සන් කරලා ලියුමක් දීලත් ඉවරයි - අත්සන් කළේ මේ අයයි සුසිල් හෙළි කරයි
ඊයේ(13) පස්වරුවේ හෝමාගම නව බස් නැවතුම්පොල භූමියේ පැවති සන්ධාන ජන රැළිය අමතමිනි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේය. ආණ්ඩුක්‍රම ව්...

https://www.sathhanda.com/2015/08/blog-susil-premajayantha-speaking-about-prime-ministership.html
ඊයේ(13) පස්වරුවේ හෝමාගම නව බස් නැවතුම්පොල භූමියේ පැවති සන්ධාන ජන රැළිය අමතමිනි සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 19 සංශෝධනයෙන් පසුවත්, පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙන මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කෙරෙන බවත් සන්ධානය ආසන 113ක් දිනාගන්නා බව වත්මන් ජනාධිපතිවරයාත් පිළිගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කරන ලෙස ශ්‍රීලනිපයේ සියලු දෙනා අත්සන් කර ලිපියක් බාර දී අවසන් බවත් ඒ අනුව එම සහතිකය ලබා දී අවසන් බවත් ඒ සඳහා විපක්ෂ නායක නිමල් සිරිපාල, පක්ෂ මහලේකම් අනුර යාපා, සන්ධාන මහ ලේකම් ලෙස තමාත්, හෝමාගම ශ්‍රීලනිප සංවිධායක බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිස අත්සන් කළ බවත් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළේය.
එය සන්ධාන පළමු ජන රැළිය පැවැත්වූ අනුරාධපුරයේදී අත්සන් කර සීල් තැබූ බවත් ආයෙත් වෙන කිරීමට කිසිදු දෙයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පැවසී ය.
Related