ඌව මහ ඇමති ධූරය නැවතත් ශෂීන්ද්‍රට ?

ඌව පළාත් සභාවේ වත්මන් මහඇමති හරීන් ප‍්‍රනාන්දු මහමැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසීම නිසා මහඇමති ධූරය නැවත වරක් තමන්ට ලැබිය යුතු බව හි...

ඌව පළාත් සභාවේ වත්මන් මහඇමති හරීන් ප‍්‍රනාන්දු මහමැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසීම නිසා මහඇමති ධූරය නැවත වරක් තමන්ට ලැබිය යුතු බව හිටපු මහඇමති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ පවසනවා.

හරීන් ප‍්‍රනාන්දු මහතාට අමතරව ඌව පළාත් සභාවේ තවත් මහජන නියෝජිතයින් 06 දෙනෙකු ද මෙවර මහමැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. ඒ, රවින්ද්‍ර සමරවීර, චමින්ද විජේසිරි, අරවින්ද කුමාර්, වඩිවේල් සුරේෂ්, චාමර සම්පත් සහ පද්ම උදය ශාන්ත යන අය වේ. 

චාමර සම්පත් සහ පද්ම උදය ශාන්ත යන මහත්වරුන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානය නියෝජනය කරනවා. වඩිවේල් සුරේෂ් මහතා ද එක්සත් ජනතා නිදහස් සන්‍ධානයෙන් ඌව පළාත් සභාවට තේරීපත්ව පසුව එක්සත් ජාතික පක්‍ෂයට එක්වු අයෙක්. 

මේ අනුව ඇතිවන පුරප්පාඩු සඳහා අලූතින් පත්වන මන්ත‍්‍රීවරුන්ගෙන් තුන්දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්‍ධාන ලැයිස්තුවෙන් තෝරා ගැනෙනු ඇති. නැවත එක්සත් ජාතික පක්‍ෂයේ මහඇමතිවරයෙකු නොව මහඇමති ලෙස තමන් පත් කිරීමට ඔවුන් සහය වනු ඇති බවටයි ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා විශ්වාසය පළ කරන්නේ. එවිට ඌව පළාත් සභාවේ වත්මන් බලතුලනය වෙනස් වන බවද ඔහු කියා සිටියා. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5948826053542502384

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item