මැතිවරණ නීති සංශෝධනයට මැකෝගෙන් අදහස්

ඡන්ද අපේක්ෂකයන් මැතිවරණයකදී වියදම් කරන මුදල් ලැබුණු ආකාරය පිළිබඳව වාර්තා ලබාගැනීමට හැකි වන ලෙස මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමස...

ඡන්ද අපේක්ෂකයන් මැතිවරණයකදී වියදම් කරන මුදල් ලැබුණු ආකාරය පිළිබඳව වාර්තා ලබාගැනීමට හැකි වන ලෙස මැතිවරණ නීති සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රජයට යෝජනා කර තිබෙනවා.

අපේක්ෂකයන් කරන වියදම් විගණනය කර වාර්තාවක් ලබාගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කළ යුතු බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

තවදුරටත් මනාප ක්‍රමය පවත්වා ගෙන යනවා නම් අපේක්ෂකයා මනාප අංකය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමය අහෝසි කර පක්ෂය විසින් පොදුවේ මනාප අංකය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් ද ආරම්භ කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1686611362050701224

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item