උතුරේ නම් 70 ට වැඩිනම් මසකට 2000 ක් විග්නේෂ්වරන්

උතුරු පළාත් බලප්‍රදේශය තුළ සිටින වයස අවුරුදු 70 ට වැඩි සෑම පුරවැසියෙකුටම මසකට රු. 2000 ක යැපීම් දීමනාවක් ගෙවීමට කටයුතු කරන මෙන් උතුරු පළා...

උතුරු පළාත් බලප්‍රදේශය තුළ සිටින වයස අවුරුදු 70 ට වැඩි සෑම පුරවැසියෙකුටම මසකට රු. 2000 ක යැපීම් දීමනාවක් ගෙවීමට කටයුතු කරන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

එම වැසියන් අතර හෘද රෝගීන් වැනි නිධන්ගත රෝගීන් සිටින්නේනම් ඔවුන්ගේ දීමනාව අවශ්‍යතාවය මත රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා මෙන්ද ප්‍රධාන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

උතුරු පළාත් සභාව තුළ ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල නැගෙනහිර පළාත් සභාව තුළද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් තමන් එම පළාත් සභාවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2681090183249399615

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item