අහෝ අකිල! අනුන්ගේ කලිසම ඇදන් තමන්ගේ වගේ යනවා - දයාසිරි
අපි ඇති කරපු සංවර්ධන වැඩ අද අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් එයාගේ නම් දාගෙන එව්වා විවෘත්ත කරන්න යනවා. එතුමා හැමදාම කරේ අනුන් කරපු දේවල් වලට...

https://www.sathhanda.com/2015/08/dayasiri-jayasekara-akila-wiraj-kariyawasam.html
අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (10) කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
අවුරුදු එක හමාරක් තුළ වයඹ පළාතේ විශාල සංවර්ධන වැඩපිළිවෙලක් කරන්න අපට පුළුවන් වුණා. ඒ අතර කුලියාපිටිය ප්‍රදේශයටත් මහින්දෝදය විද්‍යාගාර, මහින්දෝදය ගුරු විවේකාගාර සහ සති පොළවල් ලබාදීමට කටයුතු කළා .අපි ඉදිකරපු ඒ දේවල් අද අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් එයාගේ නම් දාගෙන එව්වා විවෘත්ත කරන්න යනවා. එතුමා හැමදාම කරේ අනුන් කරපු දේවල් වලට උප්පැන්න දෙන්න යන එක. හරියට මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා වගේ.
ඒ වගේම විශේෂයෙන් වයඹ පළාත තුළ පොල් අතු සෙවිලිකර තිබු පාසල් ගොඩනැගිලි ඉවත් කරලා නවීන ගොඩනැගිලි ඉදිකරා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 870 ක මුදලක් වැයවුනා.ඒ වගේම පළාත තුළ රුපියල් ලක්ෂ 4980 ක වියදමෙන් සති පොළවල් 28 ක් ඉදිකරා. විශේෂයෙන් කුලියාපිටිය ප්‍රදේශයට දැවැන්ත සේවයක් කළා. එවැනි විශාල වැඩකොටසක් කරනකොට තමයි අද පිනට පත්වුණු ආණ්ඩුවේ ඇමතිවරු අපිට නොයෙක් චෝදනා කරන්නේ. එයාලට තියෙන්නේ වෙනමොකුත් නෙමෙයි හිත්වල තියන කුහක කම. අගෝස්තු 17 වෙනිදා ඒ හැමදේකටම ජනතාව උත්තර දෙන බව මට විශ්වාසයි.
Related