ඇඩ්මිෂන් නොදීම නිසා දිවි නසා ගත් සිසුවියගේ අවමංගල දිනයේ කළබල[VIDEO-PHOTOS]

වවුනියාවේ බණ්ඩාරිකුලම විපුලානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා අපොස උසස් පෙල විභාගයේ ප්‍රවේශ පත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා පසුගිය 06 වෙ...


වවුනියාවේ බණ්ඩාරිකුලම විපුලානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා අපොස උසස් පෙල විභාගයේ ප්‍රවේශ පත්‍රය ලබාදීම ප්‍රතික්ෂේප කළ නිසා පසුගිය 06 වෙනි බදාදා ලිඳකට පැන මිය ගිය ගුණසේකරම් දිව්‍යා ශිෂ්‍යාවගේ ආදාහන කටයුතු අද (09) දහවල් වවුනියාවේ දී සිදුකෙරුණු අවස්ථාවේදී පොලිසිය සහ ගම්වාසීන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැණින. 

ප්‍රදේශවාසීන් දිව්‍යා ගේ මළ සිරුර ඇය අධ්‍යාපනය හැදෑරූ විපුලානන්ද විද්‍යාලය වෙත රැගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය ඊට ඉඩ නොදුන් නිසා මෙවැනි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.

පොලිසිය විසින් වවුනියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබුනේ දිව්‍යාගේ මළ සිරුර රැගෙන උද්ඝෝෂණ, පෙළපාලි යෑම තහනම් බවටය. නමුත් ප්‍රදේශවාසීන් පැය ගණනක් පොලිසියෙන් කළ ඉල්ලීමත්, විදුහලේ ගුරුවරුන් පොලිසිය සමග කළ සාකච්ඡාවෙනුත් අනතුරුව විදුහල ඉදිරිපිටින් ශිෂ්‍යාවගේ මෘත දේහය රැගෙන යෑමට පොලිසියෙන් අවසරය ලැබිණ.

මේ ශිෂ්‍යාවට විභාග ප්‍රවේශ පත්‍රය නිකුත් නොකළ විදුහල්පතිවරයාගේ සේවය මේ වන විට අත් හිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5586446423173809227

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item