එජාප මන්ත්‍රී කිහිපදෙනෙකුගේ සහයෙන් ශ්‍රීලනිප ආණ්ඩුවක් අපිටත් හදන්න පුළුවන්

එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තමන්ටද පවතින බව ශ්...

එක්සත් ජාතික පක්‍ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තමන්ටද පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ උදාහරණ රැසක් තිබෙන බවයි. එහෙත් ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය සමග තවදුරටත් සාකච්ඡා කරන බවද දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් කබීර් හෂිම් මහතා ඊයේ (25) කියා සිටියේ ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සදහා විපක්‍ෂය නම්‍යශිලි නොවුනහොත් තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ බලය තමන් සතු බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා කියා සිටියේ දෙපාර්ශවය අතර තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙන බවයි. ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව තමන්ටද තිබෙන බව එහිදී ඒ මහතා කියාසිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5380071689108056634

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item