හෙට දිවුරුම් දෙන්නේ එජාපයේ ඇමතිවරු පමණයි

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් හෙට (27) දිනයේදී දිවුරුම් දෙන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍ර...

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් හෙට (27) දිනයේදී දිවුරුම් දෙන බව එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම පැවසීය. 

ඒ අනුව හෙට (27) දිනයේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ එම මන්ත්‍රීවරුන් පිරිස දිවුරුම් දීමට නියමිතය. බොහෝදුරට එජාප මන්ත්‍රීවරුන් 30කට අඩු පිරිසක් කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බවද මලික් සමරවික්‍රම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර පිළිබඳ අවසන් එකඟතාවකට නොපැමිණීම හේතුවෙන් එජාප මන්ත්‍රීවරුන් පමණක් මෙසේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 400426489630927159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item