මෛත්‍රීගෙන් තවත් විශේෂ ප්‍රකාශයක්?

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වනවා. ලබන මස පළමු වන දා නව පාර...

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වනවා. ලබන මස පළමු වන දා නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කර කථානායකවරයා තෝරා පත්කර ගන්නා අතර ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්‌ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක, විපක්‍ෂ නායක, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක යන අනෙකුත් තනතුරු සඳහා මන්ත්‍රීවරු තෝරා ගැනීම සිදු වනවා.

එම කටයුතු නිමවීමත් සමග නව ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7366968523950074388

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item