අපනයන ආදායම අට වැනි මාසයටත් අඩු වෙයි
තේ අපනයන ආදායම ඉකුත් මැයි මාසයේදී අටවන මාසයටත් අඩු වී ඇත. මේ අනුව ගිය වසරේ 2014 මැයි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 140.6 ක්‌වූ අපනයන ආදා...

https://www.sathhanda.com/2015/08/export-income.html
මේ අනුව ගිය වසරේ 2014 මැයි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 140.6 ක්‌වූ අපනයන ආදායම මේ වසරේ (2015) මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 123.6 ක් දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
2014 වසරේ අනුරූප මාස සමග සැසඳීමේ දී පසුගිය මැයි මාසයේදී රුසියාව සහ මැදපෙරදිග රටවල් වෙත කළ තේ අපනයන පිළිවෙළින් සියයට 19.2 කින් සහ සියයට 9.7 කින් අඩු වී ඇතැයිද එහි සඳහන්ය.
මේ අතර මේ වසරේ (2015) පළමු මාස පහේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 644.4 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 561 ක් දක්‌වා පහත වැටී තිබෙන බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන්ය.
Related