දේශීය යාන්ත්‍රණයක්‌ සඳහා ආණ්‌ඩුව උතුරු පළාත් සභාව සමග රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන -ජී.එල්

යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක්‌ නිකුත් කිරීම සඳහා වත්මන් ආණ්‌ඩුව උතුරු පළාත් සභාව සමඟ රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන ඇති බවට තොරතුරු ල...

යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණයක්‌ නිකුත් කිරීම සඳහා වත්මන් ආණ්‌ඩුව උතුරු පළාත් සභාව සමඟ රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

ඒ අනුව ඉදිරි සැප්තැම්බර් මාසයේ ජිනීවා නුවරදී පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ සැසිවාරයට ආණ්‌ඩුව වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවත් එය රටේ ජනතාවගේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුවන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා කියා සිටී.

පෙරේදා (01 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම කරුණ පෙන්වා දුන් මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

මෙම කටයුත්තට අදාළ ලියවිලි කීපයක්‌ එංගලන්තයේ චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයකු අතට පත්ව තිබෙනවා. මෙම තත්ත්වය යටතේ එක්‌සත් ජාතීන්ගේ තාක්‌ෂණික මගපෙන්වීම යටතේ යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ පිහිටුවන්නේ නම් එය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ ලෙසයි අපි දකින්නෙ. චැනල් ෆෝ නාලිකාවේ කැලැම් මැක්‌රේ අතට පත්ව තිබෙන ලියකියවිලි මගින් හෙළිදරව් වන්නේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පරීක්‍ෂණ යාන්ත්‍රණයට වෙනත් පාර්ශ්වයන්ද සම්බන්ධ වන බවයි.

මෙම කාරණය සම්බන්ධ ලියකියවිලි මගින් ආණ්‌ඩුවේ බරපතළ වැරදි අප දකිනවා. මෙම ලියකියවිලි සත්‍යයද, ව්‍යාජද යන්න රජය වහාම හෙළි කළ යුතුයි.

එක්‌සත් ජාතීන්ගේ තාක්‌ෂණික සහයෝගයෙන් මෙරට ඇතිකරන යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය කුමක්‌ද? යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ ක්‍රියාකලාපය කුමක්‌ද? ඔවුන් මේ සම්බන්ධයෙන් සාක්‌ෂි වැඩි දියුණු කරනවාද? සාක්‌ෂි විමසීමෙන් පසු සිදුවන අධිකරණමය කටයුතු මොනවාද? යන්න රජය වහා රටට හෙළි කළ යුතුයි.

යුද්ධයේදී සමූහ ඝාතන සිදුවූ බවට චෝදනා කරමින් උතුරු පළාත් සභාව පසුගිය කාලයේදී යුද අපරාධ චෝදනා එල්ල කළා. එම චෝදනා ජාත්‍යන්තර තලයේ විභාගයට ගතයුතු බව උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් කියා සිටියා. මෙම තත්ත්වය හමුවේ මෙරට ක්‍රියාත්මක කිරීමට යන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට පරීක්‍ෂණ පවත්වන එකී පාර්ශ්වයක්‌ වන්නේ යුද අපරාධ චෝදනා එල්ල කළ උතුරු පළාත් සභාවයි. චෝදනා ඉදිරිපත් කිරීමත් චෝදනා පරීක්‍ෂා කිරීමත් යන කාරණා දෙකම එකම පාර්ශ්වයකට පැවරීම ස්‌වභාවික නීතියට පටහැනියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4938579296141538153

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item