ලංකවේ ඉරණම තීන්දුවන යුධ අපරාධ වාර්තාව මේජර් ජනරාල් වරයකුගේත් සාක්ෂි සමග සැප් 16 ගෙන එයි

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව මත ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුද යන්න ගැන ඡන්ද විමසීමක්‌ සැප්තැම...

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව මත ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුද යන්න ගැන ඡන්ද විමසීමක්‌ සැප්තැම්බර් 16 දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පැවැත්වේ.

මෙය ශ්‍රී ලංකාවට සම්බන්ධ තීරණාත්මක ඡන්ද විමසීමක්‌ වේ.

මෙම ජාත්‍යන්තර පරීක්‍ෂණය ගැන රුසියාව සහ චීනය දැනටමත් විරෝධය දක්‌වා ඇත.

ශ්‍රී ලංකා හමුදාව අවමන් සහගත තත්ත්වයට පත්කරන මෙම වාර්තාව සඳහා දිවුරුම් ප්‍රකාශයක්‌ මත සාක්‍ෂියක්‌ ලබාදීමට හිටපු මේජර් ජෙනරාල්වරයකුද දායක වී ඇත.

මෙම යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවට යාපනයේ සිට සාක්‍ෂි ලබාගෙන ඇත්තේ ස්‌කයිප් තාක්‍ෂණය මගිනි.

ව්‍යාජ සාක්‍ෂිකරුවන් 3000 කට අධික පිරිසක්‌ද පෙත්සම් 6000 ක්‌ද පරීක්‍ෂණ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබූ බව වාර්තාවේ ඇත. 

මෙම පරීක්‍ෂණ වාර්තාවෙන් ආරක්‍ෂක හමුදා නිලධාරීන් 40 කට චෝදනා එල්ල කර ඇති බවත් ඔවුන්ගේ නම් පරීක්‍ෂණ මණ්‌ඩලයට සපයා ඇත්තේ කොටි ඩයස්‌පෝරාව බවත් අනාවරණය වී ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6164680757771519396

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item