FCID යට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කරන්නැයි පොලිස්පතිට නියෝග
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද පොලිස්පතිවරයාට නියම කර තිබේ....
https://www.sathhanda.com/2015/08/fcid-petition.html
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය අද පොලිස්පතිවරයාට නියම කර තිබේ.
ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විජිත් මළල්ගොඩ මහතා හමුවේ කැඳවු අවස්ථාවේදී ය.
පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරුන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබී ය.
මේ අවස්ථාවේදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අධිකරණය හමුවේ පැවසුවේ, පෙත්සම ගොනු කිරීමෙන් පසු තමන්ට පොලීසියෙන් හිරිහැර කරන අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි තමන් වෙත දැනුම් දෙන බව ය.
ඉන් අනතුරු සභාපති විනිසුරුවරයා නීතිපතිවරයාට දන්වා සිටියේ ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.
ඒ පිළිබඳ වැඩිදුර විභාගය ඔක්තෝබර් දෙවැනි දිනට කල් තැබිණි
Related