කොටි සංවිධානයේ හිටපු සාමජිකයකු සියදිවි හානි කරගනී
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ආරෝගියනාදන් ප්‍රැන්සිස් (ගෙංගා) යන පුද්ගලයා මානසික පීඩනයක් හේතුවෙන්, 2015.08.08 වන දින ගෙල වැලලාගෙන සියදිවි...

https://www.sathhanda.com/2015/08/former-ltte-carder-suicide.html
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන ආරෝගියනාදන් ප්‍රැන්සිස් (ගෙංගා) යන පුද්ගලයා මානසික පීඩනයක් හේතුවෙන්, 2015.08.08 වන දින ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත. කොටි සංවිධානයේ හිටපු සාමාජිකයකු වන ආරෝගියනාදන් ප්‍රැන්සිස්, ඉරණපලෙයි 05 වන පටුමග පුදුකුඩිඉරිප්පු යන ලිපිනයෙහි පදිංචි පුද්ගලයෙකි.
දැඩි ආර්ථික අපහසුතාවයකින් සිටි ඔහුගේ මොලේ ගෙඩියක් තිබූ බවත්, මේ සඳහා ප්‍රතිකාර කිරීමට මුදල් නොලැබීම සහ කිසිඳු පුද්ගලයෙකුගෙන් උපකාරයක් නොලැබීම හේතුවෙන්, ඔහු සියදිවි හානි කරගෙන ඇති බව දැනගැනීමට ලැබී ඇත. සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණිය පොලීසිය සහ අධිකරණ විනිසුරුවයා ඔහුගේ ශරීරය පරීක්‍ෂා කල පසු, ඔහුගේ ශරීරය රෝහල වෙත යවා ඇත.
Related