කඩු පහරින් වෙන් වූ පොලිස් සැරයන්ගේ අත යළි බද්ධ කරයි
සාහසිකයකුගේ කඩු පහරින් අත් බාහුවෙන් කොටසක් සම්පූර්ණයෙන්ම වෙන් වූ මිදිගම තුර්කි සුනාමි ගම්මාන පොලිස් මුරපොළේ සැරයන්වරයාගේ අත පෙරේදා (09)...

https://www.sathhanda.com/2015/08/galle-midigama-police-incident.html
සාහසිකයකුගේ කඩු පහරින් අත් බාහුවෙන් කොටසක් සම්පූර්ණයෙන්ම වෙන් වූ මිදිගම තුර්කි සුනාමි ගම්මාන පොලිස් මුරපොළේ සැරයන්වරයාගේ අත පෙරේදා (09) රාත්‍රියේ දී ප්ලාස්ටික් සැත්කමක් සිදුකර යථා තත්ත්වයට පත්කළ බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා පැවසීය.
සැත්කම පැය කිහිපයකට පසුව සාර්ථකව නිමකිරීමට හැකි වූ බවත් පසුව ඊයේ (10) දින එම පොලිස් සැරයන්වරයා වාට්ටු අංක හතරට යොමු කරමින් වැඩිදුර ප්‍රතිකාර ලබා දෙන බවත් හෙතෙම පැවසීය.
වැලිගම පොලිස් වසමේ මිදිගම පොලිස් මුරපොළෙහි සේවයේ නිරතව සිටිය දී පොලිස් සැරයන්වරයාගේ අත සාහසිකයන් පිරිසක් එල්ල කළ කඩු පහරවලින් අත් බාහුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්ව තිබේ.
සැත්කම සාර්ථකව අවසන් කළත් එම රෝගියාට රෝහලේ තව දින කිහිපයක් වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
හර්ෂණී වීරරත්න
Related