සුසිල් ඩිව් රජිව් සුජීවගෙන් කෝටි 30ක් වන්දි ඉල්ලති
රුපියල් කෝටි 6000කට අධික විශාල මහජන මුදල් සම්භාරයක් භාණ්ඩාගාර බැඳුම්කර හරහා වංචා කළැයි අගමැතිවරයාටත්, මහ බැංකු අධිපතිවරයාටත් එරෙහිව පවත්ව...

https://www.sathhanda.com/2015/08/sri-lanka-central-bank-bond-fraud.html
කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාත්, හිටපු අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාත්, හිටපු රාජ්‍ය ඇමැති රජීව් විජේසිංහ මහතාත්, කොළඹ දිසා අධිකරණයට මෙම ඉල්ලීම ඉදිරිපත් කළහ. සුජීව සේනසිංහ මහතා විසින් දිසා අධිකරණය හමුවේ ‘කෝප් කමිටු’ වාර්තාව නිකුත් කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමට විරෝධතා ගොනු කරමින් ඔවුහු මෙසේ හරස් ඉල්ලීම් තුනක් කළහ.
දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා හමුවේ මෙම නඩුව විමසුමට ලක්වේ.
‘මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ’ කටයුත්තේ දී අති විශාල මුදල් වංචාවක් සිදු කරමින් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ රට තුළ මතෛක් කිසි කලෙක සිදු නොවූ අන්දමේ රුපියල් කෝටි 6000කට අධික මුදල් ප්‍රමාණයක් මේ වන විටත් භාණ්ඩාගාරයෙන් පිටතට ඇදෙන ආකාරයේ අවුරුදු 30ක් යනතෙක්ම ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයේ මුදල් පිටවන පරිදි සුවිශාල බැංකු වංචාවක් සිදුකර ඇති බවත්, මෙය රටේ ආර්ථිකයට කොහෙත්ම ඔරොත්තු නොදෙන, රට සහමුලින්ම ප්‍රපාතයට ඇද දමන මහා පරිමාණ හොරකමක් බවටත් එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කථානායකවරයා මෙම පරීක්ෂණ කමිටුව පත් කළ බවත් ඔවුහු ප්‍රකාශ කර සිටිති.
ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු ඇතුළත් අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බව ද, ඉන් පිටත දී මේ පිළිබඳව තොරතුරු මහජනතාවට හෙළිකිරීමට සූදානම් වෙද්දී අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස අධිකරණය හමුවට පැමිණ එය අත්හිටුවන ‘වාරණ නියෝගයක්’ ලබාගත් බවත් පෙත්සමට විරෝධතා යොමු කරමින් ඩිව් ගුණසේකර මහතාත්, සුසිල් ප්‍රේමජයන්ත මහතාත් රාජීව් විජේසිංහ මහතාත් ප්‍රකාශ කළහ. පෙත්සම පිළිබඳ වැඩිපුර විභාගය ලබන 24 වැනිදාට කල් තැබිණි.
Related