තැපැල් ඡන්දය අදින්(03) ඇරඹෙයි - අතිරේක දිනය 08 වැනිදා

තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා වෙන්කර තිබෙන දින 03 තුළ තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන අයට ලබන 08 වැනිදා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී...

තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා වෙන්කර තිබෙන දින 03 තුළ තැපැල් ඡන්දය භාවිතා කිරීමට නොහැකි වන අයට ලබන 08 වැනිදා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලය තුළදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.

ගුරුවරුන් හා පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද භාවිත කිරීම අද (03) සිදුවන අතර, අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට 05 සහ 06 යන දෙදින වෙන්කර තිබේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබේ.

තේරීම්භාර නිලාධාරීවරුන්ගේ උපදෙස් පරිදි තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වෙත එම කණ්ඩායම යොමුකිරීමට නියමිත බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා පැවසී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3608780817428863582

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item