දෙමළ ප්‍රජාව සමග ඒකාබද්ධ වී කටයුතු කරන්නෙමු - රවුෆ් හකීම්

දෙමළ ප්‍රජාව සමග ඒකාබද්ධ වී ගමන් කිරීමට හැකි දේශපාලන ප්‍රවේශයක් මුස්ලිම් කොංග්‍රසය ඇති කරමින් සිටින බව හ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නාය...

දෙමළ ප්‍රජාව සමග ඒකාබද්ධ වී ගමන් කිරීමට හැකි දේශපාලන ප්‍රවේශයක් මුස්ලිම් කොංග්‍රසය ඇති කරමින් සිටින බව හ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත.

පසුගියදා ඒරාවුර් ප්‍රදේශයේදී පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන කටයුතු නව මුහුණුවරක් ගෙන ඇත. ඒ සියල්ලට වඩා සහෝදර දෙමළ ප්‍රජාව සමග මතභේදකාරී දේශපාලනයක් සිදුනොකර, සමගියෙන් කටයුතු කිරීමට හැකි දේශපාලන ප්‍රවේශයක් සකස් කිරීමේ සැලැස්මක් ලෙස එය සකස්වනු ඇත.

ඉතිහාසයේ සිට මේ දක්වා පුද්ගලිකව තම දේශපාලන කටයුතු සිදුකරමින් සිටි දෙමළ දේශපාලඥයින්, නැගෙනහිර පළාත් සභාව සමග එක්ව කටයුතු කරගෙන යාමේ තත්වයක් ඇතිකිරීමේ අභිමානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ඇත. පසුගිය වසර 10 – 12 ක කාලයක් මුස්ලිම් ප්‍රජාවට තිබූ අදුරු යුගය මෙම මැතිවරණය මගින් අවසන් වනු ඇත.

දේශප්‍රේමය යන මුවාවෙන්, කුහකකම හේතුවෙන්, ජාත්‍යන්තර ප්‍රජාව සමග විරසැකයක් ඇති කරගන්නා විදේශ ප්‍රථිපත්තියක් මහින්ද රාජපක්‍ෂ අනුගමනය කර ඇත. විදේශීය ආයෝජනයන් සියල්ල වලක්වන අන්දමින් අන්ධ රාජතාන්ත්‍රික ප්‍රථිපත්තියක් අනුගහනය කරන දේශපාලඥයින්ව, අප පන්නා දමා ඇත්තෙමු” යනුවෙන් රවුෆ් හකීම් ප්‍රකාශ කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3791321734617864356

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item